රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ ප්‍රතිඵල මගින් කොවිඩ් වැළඳී නැති බව ස්ථිරවම කිව නොහැක – වෛද්‍ය හේමන්ත හේරත්

"කොරෝනා නව ප්‍රභේදය ගැන අපට කරන්න දෙයක් නෑ" - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

"කොරෝනා නව ප්‍රභේදය ගැන අපට කරන්න දෙයක් නෑ" - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ ප්‍රතිඵල මගින් කොවිඩ් වැළඳී නැති බව ස්ථිරවම කිව නොහැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියේය.
යම්කිසි පුද්ගලයෙකුගේ ඇන්ටිජන් පරීක්ෂාව නෙගටිව් ලෙස ප්‍රතිඵල ලබා දුන්නද ඔහුගේ කොවිඩ් ආසාදනය නිවැරදිව හඳුනා ගත නොහැකි බව ඔහු සඳහන් කළේය.

පරීක්ෂණ ප්‍රතිඵල කඩිනමින් ලබා ගැනීම සඳහා මෙම පරීක්ෂාව සිදුකරන බව ඔහු පැවසීය.

පරීක්ෂණ සිදුවන අවස්ථාවේ කොවිඩ් නොමැති බව පෙන්නුම කළද දින කිහිපයකින් නැවත ලබාගන්නා පරීක්ෂණ මගින් කොවිඩ් තහවුරු විය හැකි බව ඔහු සඳහන් කළේය.

පරීක්ෂණ මගින් පමණක් රෝගය පැතිරීම පාලනය කළ නොහැකි බවද ආසාදිතයන් හුදකලා වීම අත්‍යාවශ්‍ය බවද තවදුරටත් ඔහු සඳහන් කළේය. මේ නිසාම අහඹු ලෙස තෝරාගත් අය පරීක්ෂා කරන බව ඔහු පවසා සිටියේය.

කොවිඩ් ආසාදිත අධි අවදානම් ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *