ලංකාවේ මුස්ලිම් මෘතදේහ භූමදානයට ඉඩදීමට මාලදිවයින බැහැ කියයි

ලංකාවේ මුස්ලිම් මෘතදේහ භූමදානයට ඉඩදීමට මාලදිවයින බැහැ කියයි

ලංකාවේ මුස්ලිම් මෘතදේහ භූමදානයට ඉඩදීමට මාලදිවයින බැහැ කියයි

ශ්‍රී ලංකාව තුළදී කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මාලදිවයිනට යවා භූමදානය කරවීමට ගත් උත්සාහයද ව්‍යර්ථ වෙමින් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජයේ මෙම ඉල්ලීම සඳහා මාලදිවයින් ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව එරට විදේශ ඇමති අබ්දුල්ලා ශහීඩ් මුලින් සඳහන් කර සිටියද එරටින් මතුවෙමින් පවතින විරෝධය හමුවේ එම තීරණය අකුලා ගන්නා තැනට මාලදිවයින් ජනාධිපතිවරයා පත්ව තිබේ. ශ්‍රී ලාංකික මෘතදේහ භුමදානයට විරෝධය දක්වන කණ්ඩායම් ප්‍රශ්න කර සිටින්නේ එම සිරුරු භූමදානය ශ්‍රී ලංකාවට අහිතකර නම් මාලදිවයිනට හිතකර වන්නේ කෙසේද යන්නයි.

සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛස්ථානයක් ගන්නා මාලදිවයින වෙනත් රටක මෘතදේහ වැළලීම සඳහා ලබා දී එරට පොදු සුසාන භූමියක් බවට පත් කිරීමෙන් සංචාරක ව්‍යාපාරයටද දැඩි හානියක් වන බව ඔවුහු පෙන්වා දෙති. වසර 30ක් මාලදිවයින පාලනය කළ අබ්දුල් ගයුම් හිටපු ජනාධිපතිවරයාද මේ විරෝධය ඉදිරියෙන්ම සිටී.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ කොටසක් වූ සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා කොළඹට පැමිණෙන මාලදිවයින් ජාතිකයින්ගේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ. යම් හෙයකින් ඔවුන් ශ්‍රී ලංකාව තුළදී මියගියහොත් ඔවුන්ගේ සිරුරු ආදාහනය වීමට දක්වන අකැමැත්ත මෙයට හේතු වී ඇත.

ප්‍රතිකාර සඳහා කලින් කොළඹට පැමිණි බොහෝ දෙනෙක් දැන් ඉන්දියාවේ චෙන්නායි නගරය මේ සඳහා තෝරාගෙන තිබේ.

-LK

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *