අමෙරිකාව ජිනීවා සමුළුවෙහි ලංකාවට එරෙහිව අලුත් ගේමකට සැරසෙයි: සුමන්දිරන්ට දැනුම් දෙයි

අමෙරිකාව ජිනීවා සමුළුවෙහි ලංකාවට එරෙහිව අලුත් ගේමකට සැරසෙයි: සුමන්දිරන්ට දැනුම් දෙයි

අමෙරිකාව ජිනීවා සමුළුවෙහි ලංකාවට එරෙහිව අලුත් ගේමකට සැරසෙයි: සුමන්දිරන්ට දැනුම් දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සමුළුව ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා රජයේ වගවීම අවධාරණය කරන අයුරින් අළුත් යෝජනාවක් ගෙන ඒමට හැකි බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන නියෝජිත අලෛනා ඩෙප්ලිස්, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් සමග කොළඹ පිහිටි ඇමරිකානු තානාපති නිල නිවසේ පැවති හමුවීමකදී පවසා ඇත.

2015 දී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රහයෙන් සම්මත කර ගත් 30/1 තීරණය, ලංකාවේ දැනට පවතින රජය ප්‍රතික්ෂේප කළ අතර එයින් බැහැර වන බව ප්‍රසිද්ධියේම පසුගිය රැස්වීම් මාලාව තුළ ප්‍රකාශ කර සිටියේය. එවැනි තත්වයක් මත එම තීරණයන්ම ක්‍රියාත්මක කරන ලෙසට ලබන සමුළුවේදී යෝජනාවක් ගෙන ඒමෙන් ඵලක් නොමැති බව අලෛනා ඩෙප්ලිස් සඳහන් කර ඇත.

මෙම හමුවීම හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තීරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් කරුණු ප්‍රකාශ කර සිටියේ,

මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරන ලද තීරණයෙන් ලංකාව බැහැර වීමත් සමග එමගින් වගවීම සම්බන්ධ නැවත අවධාරණය කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සැකසීම කළ යුතුව ඇත. ලංකාවේ වගවීම සහ ජාත්‍යන්තරයේ ඉදිරිපත් වීම අහවර කිරීමට ඉඩ දිය නොහැකිය.

30/1 තීරණය නිර්දේශ කිරීම සඳහා අළුත් කරුණු ඇතුළත් කළ යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය කරුණු සකස් කරන ලෙස සුමන්දිරන්ගෙන් ඇමරිකානුු නියෝජිතවරිය ඉල්ලා සිටයාය. එයට සිරියාව, මියන්මාරය වැනි රටවල් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ක්‍රියා කළ ක්‍රමවේදය පිළිබඳව තමා අගයන බව සුමන්දිරන් අදහස් ඉදිරිපත් කර ඇත.

නව ව්‍යවස්ථාවක්

මෙහිදී නව ව්‍යවස්ථාව පිළිබඳවත් එහි දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පිළිබඳවත් නියෝජිතවරිය විමසා ඇති අතර ඒ සඳහා දෙමළ ජනතාවගේ අභිලාෂයන් සපුරාලන ආකාරයේ න්‍යායාත්මක නිර්දේශයන් ඇතුළත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිත බව පවසා ඇත.

දැනට චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති ලෙස සිටි කාලය තුළ ඉදිරිපත් කල “කලාපීය සංගමය“ යන විසඳුම හෝ අවම වශයෙන් පරිශීලනය කළ යුතුයි යන්න අපේ ස්ථාවරය බව සුමන්දිරන් සඳහන් කර ඇත.

මෑත කාලීන සිදුවීම්

ඒ සමග ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අගය කළ යුතු බව, මානව හිමිකම් ආරක්ෂා කිරීම ඇතුළු මෑත කාලීන සිදුවීම් පිළිබඳව සාකච්ඡා කළ අතර දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඇමරිකාව එක්ව සහයෝගයෙන් සිටින බව නියෝජිතවරිය ප්‍රකාශ කර සිටියාය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *