‘දැන් රූපවාහිනියේ නම දාගන්න තියෙන ලේසිම වැඩේ තමයි මෝඩ වැඩක් කරන එක’ – “පැණිය” ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ

'දැන් රූපවාහිනියේ නම දාගන්න තියෙන ලේසිම වැඩේ තමයි එක්කෝ මෝඩ වැඩක් හරි නැත්නම් සම්මතයට විරුද්ධ වැඩක් කරන එක'-'පැණියට' විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ ප්‍රතිරචාර

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ (IDH) ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා “පැණිය” සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ මෙසේ ප්‍රකාශ කර ඇත.

“කෑගල්ලේ පැණි බෙහෙත් ගන්න මිනිස්සු ගිහිල්ලා. මාධ්‍යවලින් කරන ප්‍රචාර නිසානේ ඕව වෙන්නේ. ඒ නිසා අපි අනිත් දේවල් ගැන කිව්වට වැඩක් නැහැ. මේ ගැන කියන්න යන කාලෙත් අපරාදේ.

දැන් රූපවාහිනියේ නම දාගන්න තියෙන ලේසිම වැඩේ තමයි එක්කෝ මෝඩ වැඩක් හරි නැත්නම් සම්මතයට විරුද්ධ වැඩක් කරන එක.

එක්කෝ අමුවෙන් මාළු කන්න ඕනෑ. එහෙම නැත්නම් කවුරුහරි ඇවිල්ලා මොනවාහරි බෙහෙතක් තියෙනවා කිව්වාම ඒක අපි බොන්න ඕනෑ. නැත්නම් කියන්න ඕනෑ මට හොඳ කරන්න පුළුවන් කියලා. ඒ වගේ මාධ්‍ය කලාවකට අපි සම්බන්ධ වෙලා වැඩක් නැහැ. ඕවා ගැන කතාකරන මහන්සියත් අපරාදේ. වැඩක් නැහැ”

මේ අදහස් දැක්වීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 වසංගත මර්දන කටයුත්තේදී කේන්ද්‍රීය කාර්යභාර්යක යෙදුණු වෛද්‍ය වෘත්තිකයෙකු මෙන්ම වෛද්‍යවරුන් නියෝජනය කරන විද්වත් ආයතනයක් වන ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ විද්වත් ආයතනයේ (CCP) කැඳවුම්කරු වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ කළකිරීමය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *