චීනයේ Chang’e -5 අභ්‍යවකාශ මෙහෙයුම පිටුපස සිටි ‘Big Sister’

Chang’e -5 අභ්‍යවකාශ මෙහෙයුම පිටුපස සිටි ‘Big Sister’

Chang’e -5 අභ්‍යවකාශ මෙහෙයුම පිටුපස සිටි ‘Big Sister’

වසර මූලාරම්භය වනවිට නව කොරෝනා වංසගත ව්‍යාප්තියත් සමග සමස්ත ලෝකයේම අවධානයට ලක්වූ චීනය අද වන විට වෙනස්ම වූ මාතෘකාවක් නිසා යළිත් ලෝකයේ ම කතාබහට ලක්ව තිබේ. ඒ, අතිසාර්ථකව අවසන් කරෙුණු චීන Chang’e -5 අභ්‍යවකාශ මෙහෙයුම හේතුවෙනි.

අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයට තවත් පිටුවක් එක්කරමින් චන්ද්‍රයා මත චීන ධජය එසවූ Chang’e -5 කැප්සූලය සාම්පල රැගෙන සාර්ථකව පෘථිවියට ළඟා විය.

Chang’e -5 අභ්‍යවකාශ මෙහෙයුම පිටුපස සිටි ‘Big Sister’

Chang’e -5 අභ්‍යවකාශ මෙහෙයුමට සම්බන්ධ වූ තවත් සුවිශේෂි චරිතයක් සම්බන්ධවී සිටීම හේතුවෙන් මෙහෙයුම තවදුරටත් දැඩි කතාබහට ලක්ව තිබේ.
ඒ මෙම මෙහෙයුමට ෂෝ චෙන්ගු නම් කාන්තා අභ්‍යවකාශ අණ දෙන නිලධාරිනියක සම්බන්ධ වී සිටීම හේතුවෙනි. හයිනන් දූපතේ පිහිටි Wenchang අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටින ලාබාලතම අණ දෙන නිලධාරිනිය වන ඇය තවමත් 24 වැනි වියේ පසුවන්නී ය.

වයසින් ලාබාල වුවත් ෂෝ චෙන්ගු මෙහෙයුම් මධ්‍යස්ථානයේදී Big Sister යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන්නේ, අභ්‍යවකාශ මෙහෙයුමේදී ඇයට හිමිව ඇති ප්‍රමුඛත්වය නිසාවෙනි. නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ උපන් චෙන්ගු Chang’e -5 මෙහෙයුමේ රොකට් සම්බන්ධක පද්ධතිය භාරව සිටි තැනැත්තියයි.

පසුගිය නොවැම්බර් 23 වන දා ආරම්භ වූ Chang’e -5 මෙහෙයුමත් සමග මෙම තරුණ ගඟනගාමිිය ගැන චීනයේ දැඩි ලෙස කතාබහට ලක්වන්නට වූ අතර මෙහෙයුම සාර්ථක වීමත් සමග ඇය චීනයේ අතිජනප්‍රිය කාන්තා චරිතයක් බවට පත්ව සිටින්නී ය.

සඳ තරණය කළ ඓතිහාසික චීන මෙහෙයුම :
පසුගිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වූ මෙහෙයුම සාර්ථකව අවසන් කරමින් (17) දිනයේ චන්ද්‍රයාගේ පාෂාණ රැගත් ගඟනගාමීන් රහිත Chang’e -5 අභ්‍යවකාශ යානය පෘථිවියට පැමිණියේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 1976 වසරේ සෝවියට් සමූහාණ්ඩුවේ ලූනාර් ට්වෙන්ටි ෆෝ යානයට පසු චන්ද්‍රයාගේ පාෂාණ රැගෙන පෘථිවියට පැමිණි ප්‍රථම යානය චීනයේ Chang’e -5 යානය බවයි. වසර 40 කට වඩා වැඩි කාලයකදී චන්ද්‍රයාගේ සාම්පල ප්‍රථිවියට රැගෙන ආ පළමු අවස්ථාව මෙය වන අතර එසේම එක්සත් ජනපදය හා සෝවියට් සංගමයෙන් පසුව චීනය ලෝක ඉතිහාසයට එක්වන තුන්වන රට බවට ද පත්වනු ඇති.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සඳහන් කළේ, චන්ද්‍රයාගේ මොන්ස් රුක්මර්හි පෞරාණික ගිනිකඳු ආශ්‍රිත ප්‍රදේශයකට ගොඩබැස්ස වූ මෙම යානය කිලෝග්‍රෑම් 2ක බරින් යුත් පාෂාණ රැගෙන පැමිණි බවයි. මෙම පාෂාණ අධ්‍යනයෙන් චන්ද්‍රයාගේ ඉතිහාසය සහ සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයන් පිළිබඳ අවබෝධ කරගැනීම විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.

1969 වසරේ දී ගඟනගාමීන් සහිත ඇපලෝ 11 යානය මගින් අමෙරිකාව සඳ තරණය කළේ, සඳ තරණය කළ ලොව පළමු රට බවට පත්වෙමිනි.
පැය 112 ක කාලයකින් පසු දෙසැම්බර් 1 වැනිදා කැප්සූලය චන්ද්‍රායා වෙත ළඟා වූ අතර අද දිනයේ සාර්ථකව මොංගෝලියාව ආසන්නයට ගොඩ බැස්සවීය.

-bbc

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *