ලංකික කුඩා බිළින්දන් 11000-14000ක් පමණ ජාවාරමක් පිළිබඳව ස්විස් හා ප්‍රංශ රජයන් පරීක්ෂණ

11000-14000ක පමණ ලංකික කුඩා බිළින්දන්ගේ ජාවාරමක් පිළිබඳව ස්විස් හා ප්‍රංශ රජයන් පරීක්ෂණ

11000-14000ක පමණ ලංකික කුඩා බිළින්දන්ගේ ජාවාරමක් පිළිබඳව ස්විස් හා ප්‍රංශ රජයන් පරීක්ෂණ

1980-1990 කාලය තුලදී සිදූවූ දැවැන්ත කුඩා බිළින්දන්ගේ ජාවාරමක් නිසා යුරෝපයේ රටවල් රාශියක රජයන් මේ වනවිට විශාල අර්බුධයකට මුහුණ පා සිටි. මෙම වසර 10ක කාලය තුල ලංකික දරුවන් 11000-14000ක පමණ ප්‍රමාණයක් ඉපදී ඉතාමත් කෙටි කාලයකදී ස්විස්ටර්ලන්තයේ, ප්‍රංශයේ, ජර්මනියේ, හා ස්වීඩනයේ වෙසෙන යුරෝපීයන්ට ඉතා විශාල මිල ගණන් වලට විකුණා ඇතිබව ඒ සම්බන්ධව සිදුකරන ලද පරීක්ෂණ වලින් හෙළිදරව් වී ඇත. මේ වනවිට 30-35 වයසේ පසුවන මෙම දරුවන් තමන්ගේ සැබෑ මව්වරුන් සොයා දෙන ලෙස තමන් ජිවත්වන යුරෝපීය රජයයන්ට බලකරමින් යෙදී සිටි.

කිසිදු වගවිභාගයකින් තොරව මෙසේ දරුවන් හදාගැනීමට ලබාදීම පිළිබඳව ඇතැම් මානව හිතවාදී සංවිධානද එම රජයන්ට තම විරෝධය පළකර සිටිති.

මෙම දරුවන් විකිණීමේ ජාවාරම සිදුවූ ඇත්තේ ශ්‍රී ලංකාවේ රජයේ ආයතන වල සේවය කල ඇතැම් රජයේ සේවකයන්ගේද පුර්ණ දායකත්වය මත වේ. යුරෝපයේ ඒ යුගයේ කැමරාගත කරන ලද වීඩියෝ පටවල අගනුවර අධිකරණ ශාලා ඉදිරිපිට යුරෝපීය ජාතිකයන් හා ලංකික කාන්තාවන් පෝලිමේ සිටිමින් දරුවන් හුවමාරු කරගන්නා අන්දම පිළිබඳව පොලීසිය නිහඬව සිටීම පිළිබඳව අද වැඩිහිටියන් බවට පත්වී ඇති එම දරුවන් තම විමතිය පළකරති.

එම යුගයේදී දරුවන් වෙනත් දෙමව්පියන්ට ලබාදීම පැය 24ක් වැනි කෙටි කාලයකදී සිදුවන අධිකරණ ක්‍රියාදාමයක් ඔස්සේ සිදුකල හැකිව තිබුණු බව ප්‍රංශ විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙකු පැවසුවේය. ප්‍රංශයේ පමණක් මෙවැනි දරුවන් 1500ක් ජිවත්වන අතර ස්විස්ටර්ලන්තයේ 662ක් ජීවත්වේ.

“මෙය ඇත්තටම ලෝකයේ සිදුවූ ඉතාමත් කණගාටුදායක සිදුවීමක්. 1993ට පෙර දරුවන් හදා වඩා දීම සම්බන්ධයෙන් තිබුණේ ඉතාමත් ලිහිල් නීති පද්ධතියක්. විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව “ලාහේ ජාත්‍යන්තර සම්මුතිය” 1993 දී සම්මත වුවාට පසුව ඉතාමත් දැඩි නීති ඒ සම්බන්ධයෙන් පැනවූවා. ශ්‍රී ලංකාවේ සිදු වූ මේ ජාවාරම නතර වුයේ 1995 න් පසුවයි”. ප්‍රංශ විදේශ අමාත්‍යංශ නිලධාරියෙකු පවසයි.

මෙම ජාවාරම සිදුකරන්නන් ව්‍යාජ උප්පැන්න සහතික, ව්‍යාජ විවාහ සහතික මේ දරුවන්ගේ මව්පියන්ගේ නම්, උපන්දින, ජායාරූප පවා වෙනස් කර විශාල මුදල් ලබාදී ඇත්තේ ලංකික අධිකරණ අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේද සහය ලබාගෙන බව පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

සමහර දරුවන් රෝහල් වලින් සොරකම් කර ඇති අතර, සමහර මව්වරුන් දුප්පත් කම නිසාම දරුවන් ස්වේච්ඡාවෙන් ලබා දී ඇත. සමහරුන්ට මරණ තර්ජන එල්ලකර දරුවන් පැහැරගෙන ඇත. තවත් සමහර මව්වරුන් තම දරුවන් විකුණා ඇත්තේ රුපියල් 10,000ක් වැනි සුළු මුදලකට හෝ ඇතැම්විට සමහර මව්වරුන් තම දරුවන් වෙනුවෙන් ලබාගෙන ඇත්තේ උණු වතුර බෝතලයක් වැනි කුඩා ත්‍යාග බවද හෙළි වී ඇත.

එහෙත් මෙම ජාවාරම සංවිධානය කල අපරාධකරුවන් හා රජයේ සිවිල් හා රෝහල් හෙදියන්, ලක්ෂ ගණනින් මුදල් උපයා ඇති බව තහවුරු වී ඇත. ඇතැම් මෙම මිනිස් ගොවිපලවල් වල ශ්‍රී ලංකික කාන්තාවන්ට දරුවන් ලබාදීම සඳහා යුරෝපීය ජාතිකයන්ද සහභාගී වී ඇත්තේ එම ඉපදෙන දරුවන් ගේ සමේ වර්ණය සුදුකර විකුණා ගැනීම වඩාත් පහසු කර ගැනීමටය.

1991 ජනවාරි 31 වනදා දී ශ්‍රී ලංකාවේ සිටි ප්‍රංශ තානාපතිවරයා තම රජයට දන්වා ඇති ඉතාමත් රහසිගත කේබල් පණිවිඩයක් සොයාගැනීමට ප්‍රංශ මාධ්‍යවේදීන් පිරිසක් සමත්වීමත් සමග ප්‍රංශ විදේශ අමාත්‍යංශය තමන් අතින් වරදක් සිදුවී ඇතිබව පිළිගත්තද එහි වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. එම කේබල් පණිවිඩයේ මෙසේ සඳහන් වේ.

“ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පිටරට පැටවීමේ මිනිස් ජාවාරමක් මහා පරිමාණයෙන් රජයේ ඉහල පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් සිදුවේ. මේ වනවිට ලංකික දරුවන් 11,862ක් මෙසේ යුරෝපයේ දෙමව්පියන්ට විකුණා ඇත. මෙම ජාවාරමට සම්බන්ධවී ඇති ශ්‍රී ලංකාවේ දරුවන් දරුකමට හදාගැනීමේ අමාත්‍යංශයේ චන්ද්‍රා පෙරේරා නැමැති කාන්තාව හා ද සිල්වා යන කාන්තාව ලක්ෂ ගණනින් මුදල් උපයා ඇත. එක් දරුවෙකුගෙන් ප්‍රංශ ෆ්‍රෑන්ක් 20000ක මුදලක් ඔවුන් විසින් ලබාගෙන ඇත”.

මෙම කාන්තාවන් අදත් කිසිදු දඬුවමට මුහුණ නොදී ලංකාවේ ජිවත් වන අතර ඔවුන් මෙම ජාවාරම සඳහා මුදල් ලබා ගත් බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර කරන ලද සේවය වෙනුවෙන් තමන්ට ලැබුනේ ත්‍යාග පමණක් බව පවසති.

පසුගිය යහපාලන රජය මේ සම්බන්යධයෙන් පරීක්ෂණයක් ආරම්හ කලද එවකට සිටි ඉහල නිලධාරීන්ගේ සම්බන්ධය නිසා පරීක්ෂණ ඇණ හිට ඇති බවත් පැවසේ. ප්‍රංශ විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙම ජාවාරම පිලිබඳ ලියකියවිලි ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති බවත් කිසිදු ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබී නොමැති බවත්ය.

මෙම ජාවාරම පිලිබඳව ස්විස්ටර්ලන්ත අමාත්‍යංශයෙ රෙබෙකා රුයිස් විසින් (15) නිකුත්කළ වාර්තාවක් නිසා නැවත වරක් එරට දෙමව්පියන් හා එම දරුවන් රජයෙන් ප්‍රශ්ණ කිරීමට පටන් ගෙන ඇත. එහිදී ස්විස් රජයද තමන් අතින් වරදක් සිදුවී ඇති බවත් එම දරුවන්ට සාධාරණය ඉෂ්ඨ කරන බවත් ඒ සඳහා විශාල කාලයක් මෙන්ම විශාල මුදලක් වැය වන බවත් ඒ සම්බන්ධ නීතින් සංශෝධනය කරනු ලබන බවත් පවසයි.

එම යුගයේ ස්විස් රජයට සම්බන්ධ නිලධාරියෙකු වන PETER SUTTER පවසනුයේ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ඇතැම් අවස්ථාවලදී වීසා ලබාදීමේදී ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් වුවද එය එතරම් සැලකිල්ලට නොගත් බවය. මෙම ම්ලේච්ඡ වෙළදාම හෙළිදරව්කරමින් පසුව ඔහු තම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති නමුත් මෙම ජාවාරම අහෝසි කිරීමට ස්විටර්ලන්ත බලධාරීන් උත්සහයක් නොගත් බව ඔහු පවසයි.

එහිදී පිටවූ තවත් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙන් නිකුත් වූ කේබල් පණිවිඩයක සඳහන් වනුයේ ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යංශය මෙම ජාවාරම සමග සෘජුවම සම්බන්ධ වී සිටි බවයි.

වසර 35 කට පසු මෙම ජාවාරමෙන් පීඩා විඳි දරුවන් තමන්ගේ සැබෑ මව්පියන් සොයාදෙන ලෙස ස්විස් හා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති. සමාජ ජාලා FB පිටුවක් හා ජාත්‍යන්තර සංවිධානයක් පවා පිහිටුවා ගෙන ඇති ඔවුන්ගේ මෙම සටනට සහයෝගය ලබාදෙන මානව හිමිකම් සංවිධාන වලින් හා යුරෝපිය හා ලංකික ජනතා නියෝජිතයන්ගෙන් එහි කැඳවුම්කරු Olivia Ramya TANNER ඉල්ලසිටි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *