“මුස්ලිම්වරුන්ගේ මරණ භූමදානය කිරීමට තහනම පනවා තියෙන්නේ ලංකාව විතරයි” – රාජිත

ජනාධිපතිම කියනවා එකම විසඳුම එන්නත් කියලා: ඒත් කෝ එන්නත්? - රාජිත

ජනාධිපතිම කියනවා එකම විසඳුම එන්නත් කියලා: ඒත් කෝ එන්නත්? - රාජිත

ලෝකයේ රටවල් 188 ක කොරෝනා වෛරසය පැතිර තිබියදී ඒවායින් ලංකාව හැර අනෙක් සෑම රටකම මුස්ලිම් මරණ භූමදානයට අවසර ලබා දී ඇත. භූමදානයෙන් වෛරසය නැවත ව්‍යාප්ත වන බව මෙම රජය බොරු කියමින් ජනතාව රවට්ටමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම දැන් ගුවන්තොටුපොළ විවෘත කිරීමට රජය ක්‍රියා කළත්, ඇමරිකාවේ පිහිටි කොවිඩ් පාලන සහ සහන කටයුතු හා සම්බන්ධ ආයතනය විසින් ලංකාව සම්බන්ධයෙන් පනවා ඇති සංචාරක අවවාදයන් නොසලකා කිසිම පුද්ගලයෙකු රටට ඒමෙන් වැලකී සිටිනු ඇත.

විරුද්ධ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙලෙස පවසා ඇත.

ඇමරිකාවේ පිහිටි කොවිඩ් පාලන සහ සහන කටයුතු හා සම්බන්ධ ආයතනය විසින් ලංකාව අවධානම් රටක් ලෙස නිවේදනය කර ඇත. එම ආයතනය කොවිඩ් සම්බන්ධයෙන් අදියර 4 ක් වෙන්කර දක්වයි. ඒ අනුව පළමු අදියරය අඩු නැතහොත් ආසාදිතයන් නොමැති අදියරයයි.

දෙවන අදියර මධ්‍යස්ථ සංඛ්‍යාවකින් ආසාදිතයන් හඳුනා ගැනීමත්,

තුන්වන අදියරය ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් සහ හතරවන අදියරය ඊටත් වඩා වැඩි ආසාදිතයන් වශයෙන් අදියර හතරකි.

ඒ අනුව ලංකාව හතරවන අදියරයට ඇතුළත් කර ඇත. මේ නිසා ලංකාවට කිසිදු රටක සිට සංචාරයේ නියැලීම වළක්වා ගන්නා ලෙස විදෙශිකයින්ට දැනුවත් කර ඇත. මෙය තහවුරු වන පරිදි රට පුරා කොවිඩ් පැතිර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත.

මුල සිටම වෛරසයේ ව්‍යාප්තිය නිසි පරිදි වලක්වා නොගැනීමේ විපාක දැන් අත් විඳින්නෙමු. දැන් කොවිඩ් මර්දනය සදහා විවිධ කසායන් නිකුත් වෙයි.

අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් ප්‍රචාරයන් ලබා දුන්නද දේශිය සහ සහ රාජ්‍ය ආයුර්වේද වෛද්‍ය සංගමය‍න් මෙය පාවිච්චි නොකරන ලෙස ඉල්ලා ඇත.

ආයුර්වේද සහ දේශිය ඹෟෂධ පිළිබඳව පරීක්ෂා කිරීමට විශේෂඥ කණ්ඩායමක් පත්කර ඇතත් එම බෙහෙත් සාම්පල මෙතෙක් එම කණ්ඩායමට ලැබී නැත. පිටරටවල අළුත් බෙහෙතක් සොයා ගත්විට ඒවා සතුන්ට ලබාදී පරීක්ෂා කරනු ලබනවා. එහෙත් ලංකාවේ ඒවා මැති ඇමතිවරුන්ට ලබා දීලා පරීක්ෂා කරනවා. මේක ලැජ්ජා විය යුතු කාරණයක්. චීනයේ ලියාපදිංචි නොවූ එවිගන් කියන බෙහෙත රටට ගෙන්වීමට යනවා. එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ.

මුස්ලිම් මරණ සම්බන්ධයෙන් රජය ගෙන යන පිළිවෙත් නිසා මුස්ලිම් ජනයා බිය වී සිටිති. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පවා ලංකාවේ මෙම පිළිවෙත් පිළිබඳව කතා වේ . ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව නොයෙකුත් විවේචනයන්ට ලක් වී ඇත.

ඒකාධිපති පාලනයකට මෙම රට පත්වෙමින් පවතිනවා.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *