කුණු කඳුවල පොලිතින් තාර වලට හරවා ‘මහමාර්ගවලට’ අතුරනවාලු

කුණු කඳුවල පොලිතින් තාර වලට හරවා 'මහමාර්ගවලට' අතුරනවාලු

කුණු කඳුවල පොලිතින් තාර වලට හරවා 'මහමාර්ගවලට' අතුරනවාලු

බස්නාහිර පළාතේ විශාල කුණු කඳු විසිඑකක් නිර්මාණයට හේතු වූ භාවිතයට ගත නොහැකි අපිරිසුදු පොලිතීන් තාර බවට පරිවර්තනය කරමින් ඉදිරි වසර කීපය තුළ දී මහා මාර්ගයට යෙදීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.

ඒ.ජී.සී ඉනෝවෙට් පෞද්ගලික ආයතනය හා එක්ව ආරම්භ කර ඇති අපිරිසුදු පොලිතින් මහා මාර්ගයට තාර ලෙස යෙදීමේ ව්‍යාපෘතිය පිළිබඳ පෙරේදා (14) මාධ්‍යයට අදහස් දක්වමින් මාන්නප්පෙරුම මහතා මේ බව කීය.

වැඩි ජනගහනයක් ඇති කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශය සහිත බස්නාහිර පළාත් කුණු කඳු ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය
සඳහා යොමු කිරීමේදී කොටසක් දිරන අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පරිවර්තනය කරන බවත් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කර ඇති බවත් මාන්නප්පෙරුම ඒ මහතා පැවසීය. සෑම ක්‍රියාවලියක් අවසානයේදීම අපිරිසුදු පොලිතීන් හෙවත් භාවිතයට ගත නොහැකි ලන්ච් ෂීට්, බිස්කට් දවටන, ටොෆි කොළ වැනි පොලිතීන් විශේෂ කුණු කඳුවල තුළ ඉතිරි වන බවත් මේවා අනාගතයට දැඩි බලපෑම් එල්ල කළ හැකි කුණු කඳු ලෙස හඳුන්වා දිය හැකි බවත් හෙතෙම පැවසීය. එම කසළ සඳහා මේ වනවිට සාර්ථක පියවරක් ලෙස අපිරිසුදු පොලිතීන් බවට පරිවර්තනය කරමින් අමුද්‍රව්‍යයක් ලෙස මාර්ග සැකසීම සඳහා භාවිත කිරීමට අදාළ ව්‍යාපෘතිය ඔන්සේ ඉඩ සැලසී ඇති බවද පැවසීය.

මෙම අපිරිසුදු පොලිතීන් මේ වනවිටත් අදාබැලීමේ ක්‍රියාවලියක් ලෙස රත්මලාන බොරුපන මාර්ගයේ මීටර් 300කට පමණ දුරකට යොදා ඇති බව මාන්නප්පෙරුම මහතා පැවසීය. පළමු අත්හදාබැලීම ලෙස සැකසු මීටර් 300ක පමණ දුර ප්‍රමාණය මේ වන විටත් ඉතා සාර්ථක තත්වයෙන් දැකිය හැකි බව ඒ මහතා පැවැසීය.

දිනකට බස්නාහිර පළාත තුළ කුණු කඳුවලට එකතු වන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2000ක් පමණ වන බව සඳහන් කළ ඒ මහතා එයින් සියයට දහයක් පොලිතීන් වන අතර එකී පොලිතීන් විශේෂයෙන් සියයට හයක්ම අපිරිසුදු පොලිතීන් ලෙස හඳුනාගෙන ඇති බවද හෙතෙම පැවසීය.

කුණු කඳුවලට මුදාහැරෙන අපිරිසුදු පොලිතීන් අදාළ ආයතනයට කිලෝ එක රුපියල් 10 බැගින් වූ මිලකට ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන් කරන මාන්නප්පෙරුම මහතා එසේ ලැබෙන කිලෝ එකකට රුපියල් 10 බැගින් වූ මුදලින් රුපියල් 7 ක් අදාළ පළාත් පාලන ආයතනයන්ට ද ඉතුරු රුපියල් තුනක මුදල බස්නාහිර පළාතේ කසළ කළමනාකරණ ව්‍යාපෘති සඳහා ද යෙදවීමට සැලසුම් කර ඇති බව පැවසීය.

මේ වනවිට මෙම නව තාක්ෂණය ඔස්සේ මීගොඩ, ජාඇළ, බොරුපන යන ප්‍රදේශවල මාර්ග සැකසීම සිදු කර ඇති බව හෙතෙම පැවසීය.

අපිරිසුදු පොලිතීන් තාර බවට පරිවර්තනය කිරිම සඳහා අපිරිසුදු පොලිතින් ටොන් පහක ප්‍රමාණයක් වැයවෙන බව පෙන්වා දෙන මාන්නප්පෙරුම මහතා ඉදිරියේදී මහා කුණු කඳු වෙනුවට සුන්දර පරිසරයක් අනාගත පරපුරටත් වර්තමාන ජන සමාජය තුළත් නිර්මාණය කළ හැකිවනු ඇතැයි තමා විස්වාස කරන බව පැවසීය.

මෙම තාක්ෂණය බෙල්ජියම නෙදර්ලන්තය එංගලන්තය වැනි රටවල භාවිතයට ගැනෙන බවද ඔහු පැවසීය.

– රේඛා තරංගනී ෆොන්සේකා –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *