ෂරීයා නීති: අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගැනත් මාධ්‍ය බොරු පතුරවලා

"මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යනවා; CID පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් වන්නේ නෑ" – කාදිනල් මැල්කම් රන්ජිත්

"මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යනවා; CID පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් වන්නේ නෑ" – කාදිනල් මැල්කම් රන්ජිත්

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙහි ෂරීයා නීති පද්ධතියේ ප්‍රධාන භූමිකාවක් තිබුනු බවට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගිය දින ප්‍රකාශයක් කළේය යැයි මාධ්‍ය මගින් දැවැන්ත ආන්දෝලනයක් ඇති කර තිබේ. මේ පිළිබඳ සවුදි අරාබියේ ශ්‍රී ලංකා කවුන්සල් ජනරාල් ලෙස කලක් සේවය කළ ආචාර්ය මසීහුද්දීන් ඉනාමුල්ලාහ් ලාංකික මුස්ලිම් ප්‍රජාව ඉමහත් අපහසුතාවයකට පත් කර ඇති උක්ත බරපතල ප්‍රකාශයට හිමිපාණන් විසින් පැහැදිලි කිරීමක් ලබා දිය යුතුය යැයි ඉල්ලා සිටි අතර එයට අගරදගුරු හිමිපාණන් ද ප්‍රතිචාරය දක්වා තිබේ.

ආචාර්ය ඉනාමුල්ලාහ් සිය විමසීමේදී පාස්කු ප්‍රහාර මාලාව සමයෙහි මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් ලාංකික මුස්ලිම් ප්‍රජාව හා ප්‍රහාරය අතර ජන කොටසක් ලෙසින් කිසිදු සම්න්ධයක් නැත යැයි සිදු කළ ප්‍රකාශය සිහිකරමින් සිය කෘතඥතාවය අගරදගුරු හිමිපාණන්ට ප්‍රකාශ කර සිටි බවද මෙහිලා සඳහන් කළ යුතුය.


ආචාර්ය ඉනාමුල්ලාහ්ගේ විමසීමට ප්‍රතිචරා දක්වමින් කාදිනල්වරයා කියා සිටියේ :

හිටපු අමාත්‍ය හිස්බුල්ලාහ් විසින් මඩකළපුවේ ඉදි කර ඇති බැටිකළෝ කැම්පස් විශ්ව විද්‍යාලය පිළිබඳ ඇතැම් තොරතුරු ලබා දීමට තමා හමුවන්නට අවශ්‍ය යැයි පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සිදු කළ ඉල්ලීමක් අනුව රදගුරු නිල නිවසේ පැවති සාකච්ඡාවකදී තමා ඇතැම් ප්‍රකාශය කිහිපයක් සිදු කළ බවයි. එනමුත් එවිට ෂරීයා නීතියට තමා විරුද්ධ යැයි හෝ ඒ අනුව කටයුතු කිරීමට ලාංකික මුස්ලිම් ජනයාට ඉඩනොදිය යුතුය යැයි හෝ තමන් කිසිවිටෙක නොකී බවද කාදිනල්තුමා ප්‍රකාශ කළේය. එමෙන්ම කිතුනුවන් දස පනතද, බෞද්ධයක් පංච සීලයද අනුගමනය කරන්නා සේ මුස්ලිම්වරුන්ට ෂරීයා නීතිය අනුව කටයුතු කිරීමට නිදහස තිබිය යුතුය යැයිම තමා විශ්වාස කරන බවද කාදිනල්වරයා සිය ප්‍රතිචාරයෙහි වැඩිදුරටත් දන්වා සිටියේය.

තවද ජයවර්ධන මහතා හමුවේ තමා කළ සංවාදයේ හරය වුයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව රජය සිදු කරමින් සිටින විමර්ශනය කඩිනමින් අවසන් කර අපරාධකරුවන් -ඔවුන් කුමන ආගමකට හෝ ජාතියකට අයත් වුවත්- ඔවුන් නීතියේ ඉදිරියට ගෙන ආ යුතු බව යැයිද කාදිනල්තුමා සඳහන් කර තිබුනි. තවද නිකරුනේ සිදු වෙමින් තිබෙන පමාව නිසා සැක පිට අත්අඩංගුවට පත් වු බොහෝ පුද්ගලයන් රිමාන්ඞ් භාරයේ ලත වෙමින් සිටින නිසා තමා අතිශය කණස්සල්ලට පත්ව සිටින බව තමා පැවසු බවද සිය ප්‍රතිචාරයේ එතුමන් පෙන්වා දී තිබුනි.

තවද බැටිකළෝ කැම්පස් ආයතනය පිළිබඳ තමා අදහස් දක්විමින් කියා සිටියේ එය විධිමත් අධ්‍යාපන ආයනයක් ලෙස හඳුනාගන්නට හැකිනම් එය නොපමාව විවෘත කර සියලුම ජනකොටස්වලට අයත් සිසුන්ට ප්‍රයෝජන ලැබීමට කටයුතු කළ යුතු බව යැයිද කාදිනල්තුමා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු කාදිනල්තුමා තමා සියලුම ආකාරයේ වැරදි හා අපරාධ ක්‍රියා තමා හෙළා දකින බවද එය ජාති ආගම් දේශපාලන පක්‍ෂ වෙනසකින් තොරව කවුරු කළත් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුය යැයි තමා විශ්වාස කරන බවත් එනමුත් අවාසනාවකට ලංකාවේ නීතිය හා සාධාරණය පසිඳලීමේ වගකීම සතු සමහරුන් අපරාධ කරන ඇතැමුන්ව ආරක්‍ෂා කරන්නට කටයුතු කරන බවද කාදිනල්තුමා සිය ප්‍රතිචාරයෙහි සඳහන් කර තිබුනි.

2019 අප්‍රේල් 21 ක් වන දින පාස්කු ප්‍රහාරය සිදු වු වහාම තමා ප්‍රකාශයක් නිකුත් කරමමින් ප්‍රහාරය පිළිබඳ නිකරුනේ සමස්ත ලාංකි මුස්ලිම්වරුන්ටම චෝදනා නොකළ යුතුය යැයි තමා කී ආකාරයද කාදිනල්වරයා සිය ප්‍රතිචාරයේ සිහිපත් කර තිබු අතර කිසිදු ජනකොටසකට තමා වෛර නොකරන බවද තමා පෙනී සිටින්නේ සියලුම ජනකොටස් වෙනුවෙන් යැයිද එතුමන් අවධාරණ කර තිබුනි.

බහුතරය හා සුළුතර ජනකොටස් අතර සුහදත්වයක් ප්‍රවර්ධනය කිරීමට තමා කවදත් කැපවීමෙන් කටයුතු කරන්නෙක් යැයිද සඳහන් කළ කාදිනල්තුමා ජනකොටස් අතර භේද තිබෙන .තුරු මෙරට දුක් විඳිනු ඇත යැයි තමා තරයේ විශ්වාස කරන බවද පෙන්වා දී තිබුනි.

එමෙන්ම වසර තිහක් පමණ පැවති කුරිරු බෙදුම්වාදී ගැටුමකින් පසුව හෝ අපව භේද කරන කරුණු අත් හැර එක්ව එක්සත් කරන කරුණු ගැන වැඩි වැඩියෙන් කථා කරන්නට අප ඉගෙන ගත යුතුය යැයිද එතුමන් ඉල්ලා තිබුනි. තමා කතෝලිකයෙකු වුවත් එය ඉස්මතු කරන ආකාරයෙන් තමා කිසිවිටෙක කටයුතූ කර හෝ කථා කර හෝ නොමැති බවද කාදිනල්තුමා පෙන්වා දී තිබුනි.

එකිනෙකාට ගරු කරමින් පුස්තකයේ ජනයන් වන අප හා අන් සියල්ලන්ම එක්ව සාමයෙන් කටුයුතු කළ යුතුය යැයිද පියතුමා අවධාරණය කර තිබුනි. පාස්කු ප්‍රහාර සමයේ සේම කිතුනුවන් ඉවසීමෙන් හා විචාරවත් ලෙසින් ඉදිරියටත් කටයුතු කරනු ඇති බවට සහතික වු කාදිනල්තුමා මුස්ලිම්වරුන්ද තමන්සේම දේව සංකල්පය හා මැවිල්ලේ සංක්ලපය විශ්වාස කරන ආගමික කොටසක් වන බවද පෙන්වා දි තිබුනි.

[පරිවර්ථනය – සමීම් | NewsNow ]

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *