මිනීමැරුම් චෝදනාවේ සිට පොදු සමාවෙන් එළියට ආ පුද්ගලයෙකු නැවත මිනීමැරුමක් සිදු කරයි…

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

මිනීමැරීමේ චෝදනාව මත වසර 12ක සිර දඬුවම් විඳිමින් සිටි පුද්ගලයෙකු , පොදු සමාව යටතේ නිදහස් කළ තත්ත්වයක, තම සහෝදරයාව ඝාතනය කොට පොලීසිය වෙත ගොස් භාර වී ඇති බව සඳහන් වේ. මෙම සිදුවීම තඹුත්තේගම ප්‍රදේශයෙහි සිදු වී ඇත.

අදාළ පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර මිනීමැරුම් චෝදනාව මත වසර 12ක් සිරගතව සිටි තත්ත්වයක පසුගිය නොවැම්බර් මස 30 වන දින පොදු සමාව යටතේ නිදහස් කර තිබේ.

නැවතත් තම නිවසට පැමිණි අදාළ පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයා අතර පසුගිය 8 වන දින ගැටුමක් ඇති වී ඇත.මෙම ගැටුමේදී , අදාළ පුද්ගලයා තම සහෝදරයාව පොල්ලකින් ගසා මරා දමා ඇති බව පොලීසිය පැවසීය.

මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයෙහිම පදිංචි 37 හැවිරිදි මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර යන පුද්ගලයා ය. මෙම සිද්ධියෙන් පසු ඝාතනය කළ තැනැත්තා තඹුත්තේගම පොලිස් ස්ථානය වෙත ගොස් භාර විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *