මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම්වලින් දයා ගමගේ ඉවතට

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයක් මධ්‍යම අධිවේගය හේතුවෙන් ඉවත් කිරීමේ සූදානමක

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයක් මධ්‍යම අධිවේගය හේතුවෙන් ඉවත් කිරීමේ සූදානමක

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරකු වූ දයා ගමගේ මහතාට අයත් ඔලිම්පස් කොන්ත්‍රාත් සමාගම ඉවත් කිරීමට මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ පියවර ගත් බව කියා සිටි ඒ මහතා යහපාලන ආණ්ඩුව ලබා දී තිබූ කොන්ත්‍රාත්තුව දේශපාලන පළිගැනීම්වලට ලක් නොකරමින් ලබා දී තිබූ බවත් එම සමාගම සමඟ දිගින් දිගටම සාකච්ඡා කර මෙම කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්නට ඔවුන්ට උපදෙස් ලබා දුන්න ද ඔවුන් දිගින් දිගටම ඉදිකිරීම් කටයුතු ප්‍රමාද කිරිම හේතුවෙන් මේ පියවර ගත් බවත් ඇමැතිවරයා කියා සිටියේය.

හිතාමතා ඉදිකිරීම් කටයුතු පැහැර හරින හිටපු අමාත්‍යවරයාට අයත් ඔලිම්පස් සමාගමට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුව අවලංගු කළ බව ඒ මහතා කියා සිටියේය.

එම මාර්ග කොටසේ ඉදිකිරීම් මේ වනවිට නියමිත දිනට වැඩ අවසන් කළ සමාගමකට භාරදීමට කටයුතු කළ බවද හෙතෙම කීවේය. ලබන වසරේ මාර්තු මස අවසානයේදී මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩකටයුතු අවසන් කර මහජනතාවට ගමනාගමනය සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා තව දුරටත් කීවේය

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමුවන අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිකිරීම පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට ලබාදුන් පළමු කොන්ත්‍රාත්තුව තමයි කඩවත සිට මීරිගම දක්වා වූ කොටස. මෙම කොටසේ කොන්ත්‍රාත්තුව මාස තුනක් ඇතුළත අනුමත කළා. රටේ ආර්ථිකය වැටුණු නිසා පසුගිය රජයට මෙම අදියර සඳහා මුදල් යෙදවීමට නොහැකි වුණා. ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මුලින් ලබාදිය යුතු සියයට පහළොවේ මුදල් ප්‍රමාණය යහපාලන රජයට ලබා දීමට බැරි වුණා. අපේ රජය බලයට පත් වූ වහාම මෙම කොටස ඉදිකිරීමට අවශ්‍ය 15% අප ලබා දුන්නා. වෙන ආණ්ඩුවක් බලයට පත් වුණානම් ඔවුන් මුලින්ම කරන්නේ මෙහි අක්‍රමිකතා සොයා, ඔවුන්ව අවලංගු කරන එකයි. නමුත් අප මෙම මාර්ග කොටස කඩිනමින් ආරම්භ කිරීමට ඔවුන්ට මුදල් ලබා දුන්නා. නමුත් අද දින මෙම කඩවත සිට මීරිගම දක්වා කොටස නිරීක්ෂණයෙන් පසුව අප තීරණය කළේ අපෙ ලබාදුන් මුදලට ප්‍රමාණවත් ඉදිකිරීම් කිරීමට ඉදිකිරීම් සමාගම අපොහොසත් වී ඇති බවයි. පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටස මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන අවුරුදු දෙකහමාරක් ඇතුළත වැඩ කටයුතු අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසෙහි ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි .

මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *