ලක්ෂ 7කට ආසන්න ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය රජයේ ගබඩාවකින් සොරකම් කරලා

ලක්ෂ 7කට ආසන්න ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය රජයේ ගබඩාවකින් සොරකම් කරලා

ලක්ෂ 7කට ආසන්න ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය රජයේ ගබඩාවකින් සොරකම් කරලා

තෙල්හිරියාව රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ගබඩාවකින් රුපියල් ලක්ෂ 7 කට ආසන්න වටිනාකමකින් යුත් ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය සොරාගෙන තඹුත්තේගම නගරයේ වෙළෙඳ සල් කිහිපයකට අලෙවි කළ පුද්ගලයෙකු (13) දින සිට දින 10ක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් කේ.ඒ.ආර්. නදීෂානි මහත්මිය නියෝග කළා ය.

මෙලෙස බන්ධනාගාරගත කළේ තෙල්හිරියාව ආයුර්වේද බෙහෙත් නිපදවන කර්මන්තශාලාවේ සේවය කළ 35 හැවිරිදි පුද්ගලයෙකි.

උතුරුමැද පළාතේ ආයුර්වේද රෝහල්වලට අවශ්‍ය බෙහෙත්වලින් සමහරක් නිපදවීමට ඉදිකොට ඇති මෙම කර්මාන්ත ශාලාවේ ගබඩාවකින් එනසාල්, කරාබුනැටි, ගම්මිරිස්, කහ ඇතුළු තවත් බෙහෙත් වර්ග රැසක් සැකකරු විසින් වරින් වර අනවසරයෙන් රැගෙන ගොස් තවත් පුද්ගලයෙකු සමග එක්ව ඒවා අලෙවිකොට මුදල් ලබා ගෙන ඇති බව තඹුත්තේගම පොලිසිය විසින් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තෙල්හිරියාව ආයුර්වේද නිෂ්පාදනාගාරය භාරව සිටින ආයුර්වේද වෛද්‍ය සමන් ඉන්ද්‍රනාත් සුමනවීර මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *