බලහත්කාරයෙන් මෘතදේහ ආදාහනය කිරිමට එරෙහි විරෝධය ඇවිළේ! ලන්ඩනයෙත් උද්ඝෝෂණ!

බලහත්කාරයෙන් මෘතදේහ ආදාහනය කිරිම

බලහත්කාරයෙන් මෘතදේහ ආදාහනය කිරිම

කොවිඩ් 19 ආසාදනයෙන් මියයන මුස්ලිම් සහ කතෝලික ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව විසින් ඉඩ නොදීමට විරෝධය පළකරමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ විශාලතම සොහොන් පිටිය වන බොරැල්ල කනත්තේ වැටෙහි සුදු රෙදි බැඳ තිබේ.

මේ අතර, ඊයේ (13) සවස කොළඹ බොරැල්ල කනත්ත ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබු අතර එම අවස්ථාවට ‘සැබෑ දේශප්‍රේමියෝ’ සංවිධානය නියෝජනය කරමින් හිටපු අමත්‍ය මංගල සමරවීර ද එක්ව සිටියේය.

කොවිඩ් 19 ආසාදනයෙන් මියයන මුස්ලිම් සහ කතෝලික ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව විසින් ඉඩ නොදීම සහ කෝවිඩ් ආසාදනයෙන් මියගිය දින 20ක් වයසැති ෂෙයික් නම් බිළිදාව දෙමාපියන්ට පවා නොපෙන්වා ආදාහනය කිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණ.

මෙම අවස්ථාවට බොහෝ තරුණ තරුණියන් පිරිසක් සහභාගී සිටී අතර ඔවුන් දෙමාපියන්ගේ අනවසරයෙන් ආදාහනය කරන ලද ළදරුව සිහිකරමින් බොරුල්ල කනත්තේ වැටෙහි සුද රෙදි ගැට ගසමින් සිය විරෝධය සාමකාමී ලෙස සිදුකරනු දක්නට ලැබිණ.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ ‘සැබෑ දේශප්‍රේමියෝ’ සංවිධානයේ ආචාර්ය සුජාතා ගමගේ සහ මංගල සමරවීර මෙසේ පැවසිය.

“කොවිඩ් 19 අසාදානයෙන් මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමිදානය සඳහා ලෝකයේ රටවල් 194 ක් අවසර දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙරට මානව හිමිකම් කොමිසමද මළසිරුරු භූමිදානය සදහා අවසර දිය යුතු බව නිර්දේශ කර තිබියදීත් රාජපක්ෂ ආණ්ඩුව ෂෙයික් වැනි බිළිදකුට පවා එම අයිතිය ලබා නොදුන්නේය.

මේ වනාහී වත්මන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ලබා ඇති අදුරු දසාවේ තවත් එක් අතිශය ඛේදජනක උදාහරණයකි.”


ලන්ඩනයෙත් උද්ඝෝෂණ

බලහත්කාරයෙන් මෘතදේහ ආදාහනය කිරිමමෙරට කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් සහ කතෝලික ජාතිකයන්ගේ මානව හිමිකම් කඩකරමින් ඔහුන්ගේ මෘත දේහයන් ශ්‍රී ලංකා රජය මගින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට විරෝධය දක්වමින් ලංඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිහඩ විරෝධතාවක් සිදු කර ඇත.

එම විරෝධතාව දෙසැම්බර් 12 වන දින ලංඩනයේ පිහිටි ශ්‍රීලංකා මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පවත්වා ඇති අතර ඔවුන් විරෝධතාවයේදී පවසා ඇත්තේ
“ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව භුමිදානය කිරීමට අනුමැතිය ලැබී ඇති බවත් ලොව විශාල රටවල් ගණනාවක් කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය කරන බවත්ය.

එසේ තිබියදී ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ලෝක සංවිධානයේ මාර්ගෝපදේශ ප්‍රතික්ෂේප කරමින් සිටින බවය.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *