Exclusive: සේනා දළඹුවා එන්නෙත් ඇමරිකාවෙන් – සේනාට ඔරොත්තුදෙන බඩඉරිඟු එන්නෙත් අමෙරිකාවෙන්

සේනා දළඹුවා එන්නෙත් ඇමරිකාවෙන් – සේනාට ඔරොත්තුදෙන බඩඉරිඟු එන්නෙත් අමෙරිකාවෙන්

සේනා දළඹුවා එන්නෙත් ඇමරිකාවෙන් – සේනාට ඔරොත්තුදෙන බඩඉරිඟු එන්නෙත් අමෙරිකාවෙන්

සේනා දළඹුවා එන්නේත් ඇමරිකාවෙන්, සේනා දළඹුවාට ඔරොත්තුදෙන බඩඉරිඟු එන්නෙත් අමෙරිකාවෙන් යයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි.

එම ගොවි සම්මේලනය අද (13) දඹුල්ලේ කැඳවා තිබු මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව අවධාරණය කළ අතර එම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම්, අලි නිමිස් සුරක්ෂිතයේ කැඳවුම්කරු ටී.බී සරත්, ගොවිජන සම්මේලනයේ උප සභාපති, කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික සුනිල් රණවීර, තිලකරත්න යන මහත්වරුන් සහ සෝමසිරි ගුණපාල ගොවිමහතා ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

එම සේනා දළඹු වුවදුරට මෙවරත් ගොවි ජනතාවට මුහුණදීමට සිදුව ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය. පැවති රනිල් + මෛත්‍රී ආණ්ඩුව සමයේ සේනා වුවදුරෙන් වගා හානි වූ ගොවි ජනතාවට තවමත් වගා වන්දි ගෙවීමට ඇති බවත් නාමල් කරුණාරත්න මහතා එහිදී අවධාරණය කළේය.

සේනා දළඹු හානියට පත් ගොවි බිම විනාශකර දැමීමට කටයුතු කර ඔවුන්ට සාධාරණ ලෙස වන්දි ගෙවන ලෙසත් අවම අක්කරයකට රුපියල් 75,000ක මුදලක් ලබා දෙන්න ලෙසත් ආණ්ඩුවට යෝජනා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නාමල් කරුණාරත්න මහතා දැක්වූ අදහස්…

-Lankatruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *