වසර 397කට පසු එන දුර්ලභ ග්‍රහ සංයෝජනයක් සහ උල්කාවර්ෂා මෙම මස තුළ නැරඹිය හැකී

වසර 397කට පසු එන දුර්ලභ ග්‍රහ සංයෝජනයක් සහ උල්කාවර්ෂා මෙම මස තුළ නැරඹිය හැකී

වසර 397කට පසු එන දුර්ලභ ග්‍රහ සංයෝජනයක් සහ උල්කාවර්ෂා මෙම මස තුළ නැරඹිය හැකී

බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකිය හැකිවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ, විද්‍යාභිවර්ධන සංගමයේ හිටුපු සභාපතිවරයෙකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

එදිනට එම ග්‍රහ ලෝක දෙක එක්ව අසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.
හිරු බැස යෑමෙන් පසු රාත්‍රී 8.45ට පමණ ග්‍රහලෝක බැසයාමට පෙර මේ දිනවල බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව පෙනෙන බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

2020 දෙසැම්බර් 21 වන දින ග්‍රහලෝක දෙක, අංශකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා 6.1 තරම් අසන්නයට පැමිණෙන බවත් මිට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ මීට වසර 397කට පෙර එනම් 1623 ජූලි 16 වන දිනබවත් ඒ කලා 5 කින් පමණ බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන්කරයි.

2021 දෙසැම්බර් 21න් පසු නැවත 2080 මාර්තු 15 වන දිනද අපට මෙවැනිම වූ කලා 6ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් දැකිය හැකි වනු ඇතැයිද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දෙයි.

මේ අතර වසරක් පාසා දෙසැම්බර 4-17 කාලය තූල දිස්වන’ජෙමිනිඩ්’ නම් වු උල්කා වර්ෂාවේ උච්චතම අවස්ථාව 13 වනදා රාත්‍රියේදී ශ්‍රී ලංකාවට හොදින් දිස්වන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ආලෝක දුෂණයෙන් තොර පැහැදිලි අහසක් සහිත ස්ථානයකදී ප.ව. 9.00 න් පසු නැගෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියට අසන්නයේදී අහස මුදුනදෙසත්, අළුයම කාලයෙද් නැගෙනහිර අහස දෙසත් බැලු විට කඩාහැලෙන තරු මෙන් දිස්වන මෙම උල්කාවර්ෂාව අපට දැකගත හැකිය.

උපරිම ක්‍රියාකාරිත්වය ඇතිවිට හා අහස මුදුණින් දිස්වන විට හොදින්ම දැකබලාගත හැකි බැවින් නැරඹීමට සුදුසුතම වේලාව 14වන දින අළුයම 2 ත්- 4.30 ත් අතර කාලයවේ. පැයකට උල්කා 120 පමණ දිස්වෙතැයි බලාපොරොත්තූ විය හැක.

උල්කාවර්ෂා නැරඹිම පියවි ඇසින් කලයුතූ අතර ඒසදහා දුරේක්‍ෂ සහ දෙනෙති භාවිතා නොකල යුතූය. මෙම උල්කා වර්ෂාව 14 සහ 15 දිනවලද දර්ශනය වන මුත් එවිට දිස්වන උල්කා ප්‍රමාණය තරමක් අඩුය. මෙම උල්කා වර්ෂාව සුදු, කහ, කොළ, නිල් සහ රතූ වරණ සහිත වෛවර්ණ උල්කාවලි යුතූ උල්කාවර්ෂාවක් ලෙස ප්‍රසිද්ධියට පත් උල්කා වර්ෂාවක් බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *