ෆයිසර් කොරෝනා එන්නත විද්ද දෙන්නෙකුට අතුරු ආබාධ, ආසාත්මිකතා ඇති අයට එන්නත ලබා නොගන්නැයි උපදෙස්
 
                හැකි ඉක්මණින් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගන්නා; ඉදිරියේදී එන්නත් ගෙනඒමට බාධා එල්ල විය හැකි - සෞඛ්‍ය අමාත්‍යාංශය
කොරෝනා වෛරසය සදහා බ්‍රිතාන්‍ය විසින් ලබාදීම ආරම්භ කර ඇති ෆයිසර් එන්බයෝටෙක් එන්නත ලබා ගත් කිහිප දෙනෙකු ආසාත්මිකතා පෙන්නුම් කර තිබේ.ඒ හේතුවෙන් ඖෂධ, ආහාර හෝ එන්නත් වලට ආසාත්මිකතා දක්වන පුද්ගලයින් ෆයිසර්/බයෝන්ටෙක් එන්නත ලබා නොගත යුතු බව එහි නිශ්පාදකයෝ පවසති.
එන්නත ලබාගත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනකුට ආසාත්මිකතාව ඇතිවීමෙන් පසු මෙම නිවේදනය නිකුත් කර තිබේ.නව එන්නත ලබාදීමෙන් සුළු වේලාවකට පසු මොවුන් දෙදෙනා ආසාත්මිකතා රෝග ලක්ෂණ පෙන්වා ඇති අතර ප්‍රතිකාර වලින් පසු මේවනවිට සුවයෙන් පසුවන බව බලධාරීහු පවසති.
කෙසේ නමුත්, ආසාත්මිකතාව ඇති අයට එන්නත ගැනීමෙන් පසු, රුධිර පීඩනය පහත වැටීම, හුස්ම හිරවීම හෝ සමේ බිබිලි මතුවීම වැනි ලක්ෂණ පෙන්නුම් කළහැකි නමුත් ඒවා මාරාන්තික නොවන බව ඖෂධ නියාමන ඒජන්සිය පවසයි.
ෆයිසර්/බයෝන්ටෙක් එන්නත බ්‍රිතාන්‍යය පුරා රෝහල් සායන වලදී ලබාදීම පෙරේදා ආරම්භ කළ අතර දහස් ගනනකට එන්නත ලබාදුන් බව වාර්තා වේ.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        