ගුවන් තොටුපොල සංචාරකයන් සඳහා ජනවාරියේදි විවෘත වේ

කටුනායක ගුවන් තොටුපොළ වෘත්තීය සමිති නායකයින් 28 කගේ සේවය වහාම අත්හිටුවයි

කෝටි 9 ක රන් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

එලඹෙන ජනවාරි මාසයේ සිට සංචාරකයන් සඳහා කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපොල විවෘත කිරීමට තිරණය කර ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවකින් කළ යෝජනාවක් අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සංචාරක බුබුලක් (Travel Bubble) ලෙස තොරාගත් නගරවල සංචාරය කිරිමේ අවස්ථාව ලබාදිමට තිරණය කර ඇත.

මූලික අවස්ථාවේදි සංචරණ සීමා නොමැති, අඩු ජන ඝනත්වයක් ඇති නගර සංචාරකයන් සඳහා විවෘත කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණිමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කළයුතු බවත් කටුනායක ගුවන් තොටුපොලේදි අනිවාර්යයෙන් PCR පරීක්ෂණ සිදුකළ යුතු අතර දින 07ක කාලයක් නිරෝධායනය විය යුතු බවත් සෞඛ්‍ය බළධාරින් ප්‍රකාශ කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *