ජනපති පමණක් නොවේ ඔහු වෙනුවෙන් ඡන්දය දුන් 69 ලක්ෂයම පරාජයි – රුවන් විජේවර්ධන

ඉදිරි මාස දෙකකදී ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට බංකොලොත් - රුවන් විජේවර්ධන
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොවේ; ඔහුට ජනපති මැතිවරණයේ දී ඡන්දය ලබා දුන් 69 ලක්ෂ ජනතාවම පරාද වී ඇත බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අම්පාරෙහි පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමක දී පැවසීය.
මේ හේතුව නිසා එක්සත් ජාතික පක්ෂයට නැවත රටේ විශාල නැඹුරුවක් ගොඩ නැගෙමින් පවතී. එම නිසා පක්ෂය නැවතත් ශක්තිමත් කළ යුතුය. එමෙන්ම රටේ ආර්ථිකය විශාල පසුබෑමකට ලක් වී ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.