ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටෙයි

0
ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටෙයි

ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටෙයි

පුවර්ටෝ රිකෝ හි පිහිටි මීටර් 305කින් යුත් ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂයේ උපකරණ සහිත පදනම එක් රැයකින් කඩා වැටුණු බව ජාතික විද්‍යා පදනම උපුටා දක්වන සීඑන්එන් පවසයි. පෘථිවියේ පිහිටි ප්‍රබල දුරේක්ෂයක් වශයෙන් වසර 57ක් තිස්සේ තාරකා විද්‍යාත්මක නව සොයා ගැනීම් රැසකට මඟ සැලැසූ මේ උපකරණය සුළි සුළං, භූමිකම්පා සහ නිවර්තන කුණාටු රැසකට මුහුණ දෙමින් සේවය සැලැසීය.

මෙම දුරේක්ෂයේ ටොන් 900කින් සමන්විත උපකරණ කට්ටලටය මීටර් 137ක පළලින් යුක්ත ප්‍රත්‍යාවර්ථක ඩිෂ්එක මතට කඩා වැටී තිබේ. මේ නිරීක්ෂණ දුරේක්ෂය ලොව ඇති ඒ වර්ගයේ විශාලතම එකකි. ජේම්ස් බොන්ඩ්ගේ ජනප්‍රිය චිත්‍රපටයක වන ගෝල්ඩන් අයි සහ තවත් හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම මේ දුරේක්ෂය පසුබිම් කරගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com