අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවතට

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා වවන්න කැබිනට් අනුමැතිය

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා වවන්න කැබිනට් අනුමැතිය

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ, කංසා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි. “කංසා” එම අධි අවදානම් ලැයිස්තුවේ වසර 59ක කාලයක් පැවතුණා.

කංසා සහ කංසාවල වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්දේශ මාලාවක් සමාලෝචනය කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය කොමිසම මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව, හෙරොයින් වැනි මාරාන්තික ඇබ්බැහිවීම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් කෙරෙනු ඇති.

ඊට අදාළ යෝජනාවට, මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසමේ සාමාජික රටවල් 53න් 27ක් ම පක්ෂව ඡන්දය දී තිබූ අතර විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සාමාජිකයන් 25ක් පමණයි.

එක් පාර්ශ්වයක් ඡන්ද විමසුමට සහභාගී වී නැහැ.

මින් ඉදිරියට කංසා අවදානම් සහිත මත්ද්‍රව්‍යයක් ලෙස නොසලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරනවා. නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකටව ඇති කංසාවල ඖෂධීය හා චිකිත්සක ගුණ හඳුනාගැනීමට මේ තුළින් වැඩි අවස්ථාවක් උදාවී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙනවා.

කෙසේ වෙතත් කංසා වර්ගීකරණය සම්බන්ධයෙන් එක් එක් රටවල් පවත්වාගෙන යන අධිකරණමය බලතල පවතින බැවින් කංසා සඳහා පවතින ජාත්‍යන්තර පාලන ක්‍රමවේද, එම තීරණය ඔස්සේ ලිහිල් නොවන බව විශේෂඥයන් පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *