උරගයින් සහ කුඩා සතුන් වෙනුවෙන් ඉදිකෙරුණු විශේෂ පාලමක් – පරිසරයට හිතකර පාලම (Eco Bridge)

ඉන්දියාවේ උත්තරඛන්ද් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක පිහිටි පරිසරයට හිතකර පාලම (Eco Bridge)

ඉන්දියාවේ උත්තරඛන්ද් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක පිහිටි පරිසරයට හිතකර පාලම (Eco Bridge)

මිනිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් පාලම්, මහා මාර්ග අධිවේගී මාර්ග ඉදිකෙරෙන ලෝකයේ උරගයින් සහ කුඩා සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකෙරුණු විශේෂ පාලමක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ උත්තරඛන්ද් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක පිහිටි රථවාහන ගමනාගමනය බහුල මහා මාර්ගයක් හරහා එම පාලම ඉදිකර ඇත්තේ, වන නිලධාරීන් පිරිසක් විසිනි.

අදාළ මාර්ගය හරහා ගමන් කිරීමේදී උරගයින් සහ කුඩා සතුන් රිය අනතුරුවලට ලක්වීම සහ එම රිය අනතුරුවලින් රථවාහනවල ගමන් කරන්නන් අනතුරුවලට ලක්වීම වැළැක්වීමේ අරමුණින් මෙම පාලම ඉදිකර තිබේ.

අඩි 90ක් දිගින් යුත් මෙම පරිසරයට හිතකර පාලම (Eco Bridge) ඉදිකර ඇත්තේ, උණ බට, ජූට් ගස්වල කෙඳි සහ තණකොළ යොදා ගනිමිනි. මෙවැනි පාලමක් ඉදිකර ඇත්තේ, පළමු වරටය.

උත්තරඛන්ද් ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන නයිනිතාල් ප්‍රදේශයට මාර්ගය වැටී ඇත්තේ මේ හරහාය. එහෙයින් මෙම මාර්ගය රථවාහන රැසක් වේගයෙන් ගමන් කරන මාර්ගයකි.

එම මාර්ගය හරහා යාමට සකස් කර ඇති මෙම සත්ව පාලමට සතුන් පුරුදු කිරීමේ කටයුතුවල වන නිලධාරීහු මේ වන නිරතව සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *