ලංකාවේ මෙගා වොට් 300ක විදුලි හිඟයක් ඇති වේවි! – ලංකා විදුලි බල මණ්ඩලය

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී ප්‍රමාදයන් සිදුවිය හැකි - විදුලි බල මණ්ඩලයේ නිවේදනය

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී ප්‍රමාදයන් සිදුවිය හැකි - විදුලි බල මණ්ඩලයේ නිවේදනය

2021 ජනවාරි මස තුළ දිවයිනට මෙගා වොට් 300ක පමණ විදුලි හිඟයක් ඇති වේ යැයි බලාපොරොත්තු වන බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත.

හදිසි අවස්ථා තත්ත්වය මත විදුලි හිඟයක් ඇති වුවහොත් ලබන වසර ආරම්භයේ මෙගා වොට් 100ක විදුලිය, ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගන්නා බව එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත.

මෙම වසර මුල ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දැමූ හෙයින් කොළඹ ප්‍රදේශයේ විශාල කර්මාන්තශාලා ප්‍රමාණයක් හා කාර්යාලවල ක්‍රියාකාරීත්වයන් අඩාල වී තිබුණි. මාස 3ක පමණ කාලයක් මෙම ආයතන වසා දමා තිබූ හෙයින් විදුලි හිඟයක් ඇති නොවීය.

ලබන වසරේ පෙබරවාරි මස සිට වියළි කාලය ආරම්භ වන හෙයින් මෙගා වොට් 300ක පමණ විදුලි හිඟයක් ඇති වේ යැයි බලාපොරොත්තු වේ. ඉහත සඳහන් කළ හිඟය, සූර්යය බල තාපයෙන් හා සුළං බල විදුලියෙන් සපුරා ගත හැකි වන අතරම සුළු ප්‍රමාණයක විදුලි හිඟයක් ද ඇති විය හැක. ස්ථිර වශයෙන් විදුලි නිෂ්පාදනය කරන ආයතන නොමැති හෙයින් මෙවැනි විදුලි හිඟයකට මුහුණ දීමට සිදු වී ඇති බව තව දුරටත් පැවසීය.

එමෙන්ම හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා ගිවිසුම් දෙකකට දැනටමත් කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. අවශ්‍ය වුවහොත් එම ගිවිසුම් දෙක ලබන වසරේ මුලදී අත්සන් කරනු ලබන බව ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *