අම්පාර, දීඝවාපිය චෛත්‍යයේ කැනීමකින් රන් කරඬු 4ක් සොයා ගනී

දීඝවාපිය චෛත්‍යයේ දකුණු වාහල්කඩේ කැනීමකින් රන් කරඬු 4ක් සොයා ගනී
අම්පාර, දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ දකුණු වාහල්කඩේ සිදු කළ කැනීම්වලදී සොයාගත් මංජුසාවේ තිබී ධාතුන් වහන්සේලා සහිත රන් කරඬු 4ක් සොයා ගෙන තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙරට පුරාවිද්‍යා කැණීමකදී එකම ස්ථානයකින් හමු වූ වැඩිම රන් කරඬු ප්‍රමාණය මෙය බවයි.
අම්පාර, දීඝවාපි දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන පුරාවිද්‍යා කැණීම් අංශයේ නිලධාරීන් හට දීඝවාපි දාගැබේ දකුණු වහල් කඩ මත නිදන් සොරුන් විසින් හාරා විනාශ කර තිබු ස්ථානය කැණීමේදී මෙම ශෛලමය මංජුසාව හමු විය.
පසුව එම මංජුසාව අම්පාර දිසා ලේකම් කාර්යාලයේ තැන්පත් කරනු ලැබු අතර එය විවෘත කෙරුනේ පුරාවිද්‍යා බලධාරීන්ගේ මුලිකත්වයෙනි.

පසුව මෙසේ සුරක්ෂිතව ඉවතට ගනු ලැබු ධාතුන් සහිත රන් කරඬු හතර අම්පාර දිසා ලේකම් කාර්යාලායේ විශේෂ මණ්ඩපයක් තනවා එහි තැන්පත් කර බෞද්ධ ආගමික පිළිවෙත්වලට අනුව පූජා පවත්වනු ලැබුවේ ය.
ඉදිරියේදී මෙම රන් කරඬු සහ ධාතුන් වහන්සේලා දීඝවාපි දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරව තැන්පත් කිරීමට නියමිතය.