කොවිඩ් අරමුදලේ රු. මිලියන 1640ක්: කොරෝනාවලින් මැරුණත් පෙට්ටිය ගන්න ඕනෑ පවුලේ අය – සෞඛ්‍ය ඇමතිනිය

(VIDEO) අමාත්‍යංශය අහිමි වූ පවිත්‍රාගේ බිලි පූජා කතාව

(VIDEO) අමාත්‍යංශය අහිමි වූ පවිත්‍රාගේ බිලි පූජා කතාව

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ ආදාහනය සඳහා අවශ්‍ය මිනී පෙට්ටිය අදාල මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් විසින් ලබාදිය යුතු බවත් නොඑසේනම් ඊට වැයවන මුදල් ලබාදිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

යම් පුද්ගලයෙකු මියගිය අවස්ථාවකදී ඔහුගේ පවුලේ ඥාතීන්ට අදාල මුදල වැය කිරීමේ අපහසුතාවයක් මතු වුවහොත් ඒ සඳහා ආධාර කළ හැකි පුද්ගලයන් හරහා අවශ්‍ය මුදල් සම්පාදනය කරදීමට රජය මැදිහත් වන බවත්, රජය විසින් එම වියදම් දැරීම මේ දක්වා සිදුකර නොමැති බවත් ඇමතිවරිය සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මුජිබර් රහුමන් මහතා අදාල ගැටලුව යොමු කරමින් ප්‍රකාශ කළේ IDH රෝහලේදී මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා රුපියල් 58,000ක මුදල් ඉල්ලා සිටි බවට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම පසුගිය 23 වනදා පාර්ලිමේන්තුවේදී මාලිමාව පක්ෂයේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ කොවිඩ් අරමුදලේ රුපියල් මිලියන 1640 ක් තිබියදී, කොවිඩ් – 19 වෛරසය ආසාදිත වීමෙන් මිය යන අයගේ ආදාහන කටයුතු සඳහා රජය විසින් පවුලේ ඥාතීන්ගෙන් රුපියල් 20,000ක මුදලක් අය කරන බව එම ජනතාව පවසන බවයි.

අසරණ භාවයට පත්වී සිටින ඥාතීන්ගෙන් මෙම මුදල අයකරනු ලබන්නේ කොවිඩ් මර්දන අරමුදලේ 84%ක මුදල් ප්‍රමාණයක් ඉදිරිව තිබියදී බවද මේ දක්වා එකතුවී ඇති මුදල්වලින් වියදම් කර ඇත්තේ 16%ක් පමණක් බවද මන්ත්‍රීවරයා එහිදී අනාවරණය කළේය. මියයන ආසාදිතයන් වෙනුවෙන් පෙට්ටියක් හෝ ලබා දීමට මෙම අරමුදලින් මුදල් වියදම් කර කටයුතු නොකරන්නේ මන්දැයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *