දෙරණ සභාපති දිලිත්ට ජනපතිගෙන් තවත් විශේෂ පත්වීමක්

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා පත් කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධූරය, විනිසුරු ජගත් බාලපටබැදි මහතා විසින් හොබවනු ලබයි.

දිලිත් ජයවීර මහතාට අමතරව එම කොමිෂන් සබාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ඉන්ද්‍රානි සුගතදාස , ලීලසේන ලියනගම, ටී ආර් සී රුබේරු, ඩයන් ගෝමස්, ඩබ් එච් පියදාස, හේමා ධර්මවර්ධන සහ නිමල් කරුණාසිරි කටයුතු කරති.

මෙම තනතුරට අමතරව ජනාධිපතිවරයා දිලිත් ජයවීර මහතා නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සුරැකීමේ ජනාධිපති කාර්ය සාධක බළකායට පත් කිරීමටද පියවර ගෙන තිබිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *