ක්‍රිකට් ගසමින් සිටියදී වත්තයට ගිය බෝලය ගන්න ආ සිසුවාට වෛද්‍යවරයා වායු රයිෆලයෙන් වෙඩි තබයි

0
ක්‍රිකට් ගසමින් සිටියදී වත්තයට ගිය බෝලය ගන්න ආ සිසුවාට වෛද්‍යවරයා වායු රයිෆලයෙන් වෙඩි තබයි

ක්‍රිකට් ගසමින් සිටියදී වත්තයට ගිය බෝලය ගන්න ආ සිසුවාට වෛද්‍යවරයා වායු රයිෆලයෙන් වෙඩි තබයි

ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කොට තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම සිදුවීම පෙරේදා සවස සිදුවී ඇති බවයි.

පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි මේ සිසුවා පන්දුව අසල වත්තකට යාම නිසා එය නැවත ලබා ගැනීමට යාමේදී මෙම සිදුවීමට මුහුණපා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස පාසැල් සිසුවාට වෙඩි තබා ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු වන අතර ඔහුව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ පාසැල් සිසුවා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර වෛද්‍යවරයා අද දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com