ලෝකයේ හොඳම පස් දෙනා අතරට ආචාර්ය රංග කලංසූරිය මහතා

කැනේඩියානු – එක්සත් රාජධානි මාධ්‍ය නිදහස සදහා වන සම්මානයේ ලෝකයේ හොඳම පස් දෙනා අතරට ආචාර්ය රංග කලංසූරිය මහතා

කැනේඩියානු – එක්සත් රාජධානි මාධ්‍ය නිදහස සදහා වන සම්මානයේ ලෝකයේ හොඳම පස් දෙනා අතරට ආචාර්ය රංග කලංසූරිය මහතා

ලොව පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, පුද්ගලයින් හා සංවිධාන වෙනුවෙන් ගරුබුහුමන් පෑම සඳහා වන ‘කැනේඩියානු – එක්සත් රාජධානි මාධ්‍ය නිදහස සදහා වන සම්මානයේ’ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කර තිබේ.

කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ෆ්‍රොන්ස්වා-පිලිප් ෂැම්පේන්, එක්සත් රාජධානියේ රාජ්‍ය සහ විදේශ ප්‍රධාන ලේකම්, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩොමිනික් රාබ් විසින් පසුගිය නොවැම්බර් 16වන දින එම ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව, ඊට ලොව පුරා නිර්දේශිත නාම 60කට අධික සංඛ්‍යාවක් අතරින් හොඳම පස් දෙනා අතරට මෙරට ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන ආචාර්ය රංග කලංසූරිය මහතා ද තේරී පත්වී ඇත.

ජයග්‍රාහකයා වූ බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (බෙලාරුස්), සෙන්ට්‍රෝ ඩි ඉන්වෙස්ටිෂන් වයි කැපසිටේෂන් ප්‍රොපෙස්ටා සිවිකා (මෙක්සිකෝව), මාධ්‍ය හා සංස්කෘතික නිදහස සඳහා එස්කේස් මධ්‍යස්ථානය (ලෙබනනය) සහ මේරි අජිත් ගොච් (දකුණු සුඩානය) තේරීපත් වූ සෙසු පාර්ශව වෙති.

ආචාර්ය රංග කලංසූරිය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස (FoE) ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ පුරෝගාමියෙකු ලෙස සැලකේ.

ඔහු දැනට ශ්‍රී ලංකාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල ප්‍රතිපත්ති උපදේශනය, පර්යේෂණ සහ ධාරිතා වර්ධනය යනාදිය අධීක්ෂණය කරන ඉන්ටර්නැෂනල් මීඩියා සපෝර්ට් (IMS) ආයතනයේ ආසියානු කලාපීය උපදේශකවරයා ලෙස කටයුතු කරයි.

මීට පෙර ඔහු මෙරට පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙසත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළේය.

මෙම වසරේ ජයග්‍රාහකයා වූ බෙලාරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී ආචාර ධර්ම හා මූලධර්ම කෙරෙහි ඇති අඛණ්ඩ කැපවීම සහ බෙලාරුස් හි මාධ්‍ය කෙරෙහි ඉලක්කගත මර්දනයන් හමුවේ එහි නොපසුබට උත්සාහය සහ ආත්ම පරිත්‍යාගය වෙනුවෙන් කැපී පෙනුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *