පාස්කු ප්‍රහාරය සමඟ IS සංවිධානය ට කිසිදු සම්බන්ධයක් නැහැ, සහරාන්ට මඟ පෙන්වූ අය අත්අඩංගුවට ගන්නා තෙක් තර්ජනය ඉවර නෑ

පාස්කු ප්‍රහාරය සමඟ IS සංවිධානය ට කිසිදු සම්බන්ධයක් නැහැ - රහස් පොලිසියේ ප්‍රධානී විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා

පාස්කු ප්‍රහාරය සමඟ IS සංවිධානය ට කිසිදු සම්බන්ධයක් නැහැ - රහස් පොලිසියේ ප්‍රධානී විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා

පාස්කු ඉරු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වන අයි.එස්. සංවිධානය සම්බන්ධවී හෝ ආධාර ලබා දී නොමැත, ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කළ රහස් පොලිසියේ ප්‍රධානී විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ පරීක්ෂණ අතරතුරදී මේ බව අනාවරණය වූ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය.
ඔහු තවදුරටත් කියා සිටියේ, “මෙම ප්‍රහාරයන්ට මුදල් යෙදවීම සම්බන්ධයෙන් අපි බැංකු ගිණුම් 41 ක් හඳුනාගෙන අක්‍රීය කර ඇත්තෙමු. ඔවුන්ගෙන් කිසිවෙකුට විදේශ ගිණුම් සමඟ කිසිදු සම්බන්ධයක් නැත. ප්‍රධාන මූල්‍ය දායකත්වය ලබා දුන්නේ ඉබ්‍රාහිම් සහෝදරයන් විසිනි. විදේශයන්ගෙන් මුදල් ලැබීම පිළිබඳ තොරතුරු කිසිවක් නොමැත.

තවද, විමර්ශනවලින් හෙළි වූ තොරතුරු වලට අනුව, සහරාන්ගේ මූලධර්මවාදී ක්‍රියාකාරකම් 2014 සිට සිදුවී ඇත. ප්‍රහාර හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ යුතුද යන්න පිළිබඳ තීරණය 2018 හෝ 2017 දී ගෙන ඇත.
පහරදීම් සහ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සියලු දෙනාවම අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. එමගින් තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් කියලා අදහස් වෙන්නේ නෑ.
සහරාන්ට ඉහළින් සිට මඟ පෙන්වූ අය අත්අඩංගුවට ගන්නා තෙක් තර්ජනය පහව යන්නේ නැති බවත් එතෙක් එම තර්ජනය දිගටම පවතිනු ඇති බවත් සහරාන්ට පිටුපසින් ඔහුට ඉහළින් කෙනෙකු මෙම ප්‍රහාරවලට සම්බන්ධ වී තිබෙන බවත් ඔහු පිළිතුරු දුන්නේය.

-tamilmirror.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *