19 සහ 20 දින පාර්ලිමේන්තුවට මහා අපලයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත වැඩි ඡන්ද 51කින් සම්මතයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත වැඩි ඡන්ද 51කින් සම්මතයි

(19) සහ (20) දින දෙක පාර්ලිමේන්තුවට මහා අපල සහිත දින දෙකක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව (19) දින මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා සභාව අමතමින් සිටියදී සජීවී විකාශය එක්වරම ඇනහිටි අතර පසුව කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇත්තේ ඊට සම්බන්ධ පද්ධතියේ සිදුව ඇති දෝෂයක් හේතු කොටගෙන මෙම තත්ත්වය උදාවී ඇති බවකි.

එමෙන්ම (20) දින මහවර්ෂාව මධ්‍යයේ වැදුණු අකුණක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ විදුලි පද්ධතිය සම්පූර්ණයෙන් විසන්ධි වී ඇති බව දැනගන්නට තිබේ.

එහිදී විදුලි සෝපාන අතරමග නැවතී අර්බුදකාරී වාතාවරණයක් පැනනැග ඇති බවද දැනගන්නට තිබේ.

නමුත් සභාගැබට පමනක් වෙනම මාර්ගයකින් විදුලිය ලබා දී ඇති නිසා සභාගැබේ විදුලිය විසන්ධි වී නොමැති බවද දැනගන්නට ඇත.

ඊට අමතරව (20) දිනයේදී පාර්ලිමේන්තුවේ සේවකයන් රැගෙන යන බස් රථය එම සේවකයන් ඇතුළේ සිටියදීම රියැදුරුද සමග පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ ඇති තටාකයට වැටී ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත් එම අනතුරින් කිසිදු සේවකයකුට අනතුරක් වී නොමැති බවද දැනගන්නට තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *