(VIDEO) නිරෝධායනය නීති නොතකා ජනතාව කෑම ඉල්ලා පාරට: ආධාර ඉල්ලා පන්සලට පෝලිම් ගැසී ජනතාව එනවා-මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

නිරෝධායනය නීති නොතකා ජනතාව කෑම ඉල්ලා පාරට: ආධාර ඉල්ලා පන්සලට පෝලිම් ගැසී ජනතාව එනවා-මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

නිරෝධායනය නීති නොතකා ජනතාව කෑම ඉල්ලා පාරට: ආධාර ඉල්ලා පන්සලට පෝලිම් ගැසී ජනතාව එනවා-මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා තව දුරටත් වසා දමා ඇති කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව ඊයේ සහ පෙරේදා(21 & 22) පාරට බැස එක්රැස්වී විරෝධතා පැවැත්වූහ.

ඔවුන් සඳහන් කරන්නේ තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ දැඩි හිගයක් ඇති බවයි.

දිගු කාලයක් වසා දමා තිබූ නිසා තමන් දැඩි පීඩාවට ලක්ව සිටින බව ද ඔවුහු කියා සිටිති.

 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

මේ අතර , මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් පවසා සිටින්නේ ජීවත්වන්නට කිනම් හෝ ආධාරයක් ඉල්ලා විශාල වශයෙන් ජනතාව නාරාහෙන්පිට ශ්‍රී අභයාරාමයට පෝලිම් ගැසී එක්වන බවයි.

ඒ අනුව ආධාර අවශ්‍ය ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ එම වීඩියෝව මගින් පවස සිටිති.

ජීවත් වීමට ආධාර ඉල්ලා පන්සලට ජනතාව එක්වන්නේ වත්මන් රජය පත් කිරීමට තමන් වහන්සේද මැදිහත් වූ නිසා යැයි උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *