දෙමළ බසින් සාක්ෂි ලබා දීමට මට අවස්ථාව ලබා දෙන්න – රිෂාද් ජනාධිපති කොමිසමෙන් ඉල්ලයි

බදුර්දීන් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කතානායකට

බදුර්දීන් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කතානායකට

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා, Skype තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීම ආරම්භ කර ඇත. මෙහිදී තම මව් බස වන දෙමළ බසින් සාක්ෂි ලබා දීමට හැකි වන පරිදි තමාට භාෂා පරිවර්තක පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා සිටි රිෂාද් බදියුදීන් එම ඉල්ලීම තම නීතිඥවරයා මගින් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කර සිටියේය.

දෙමළ භාෂා පරිවර්තක එදින එහි නොසිටි අතර ඔහුට සිංහල බසින් සාක්ෂි ලබා දීමට නිර්දේශ කළ නමුත් එසේ කිරීමට අකමැත්ත පළකල රිෂාද් බදියුදීන් ඉල්ලා සිටියේ තම මව් බස දෙමළ බැවින් ඔහුට දෙමළෙන් සාක්ෂි දීමට අවසර දෙන ලෙසයි.
මුලින් ජනාධිපති කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රිෂාද් බදියුදීන් හට සිංහල හෝ ඉංග්‍රීසි බසින් සාක්ෂි ලබා දෙන ලෙසත් අවශ්‍ය විටෙක අපැහැදිලිතාවයක් මතු වුවහොත් එය නැවත පැහැදිලි කර දිය හැකි බවත් කොමිසම පැවසිය.

පාර්ලිමෙන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දෙන අවස්ථාවේදී සිංහල – දෙමළ දන්නා නීතීඥවරයෙක් මා අසල සිටීමට අවසර ලැබුණි. මෙහි දී එසේ නොමැත. සිංහලෙන් මා පවසන ඇතැම් දේ නොපැහැදිලි ලෙස විකෘති විය හැකි. මගේ මව් බස දෙමළ, මම ඒ භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවෙකි. දෙමළ යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිගත් භාෂාවක්. දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබාදීමට තමාට අවස්ථාව ලබාදෙන ලෙස රිෂාද් බදියුදීන් ඉල්ලා සිටියේය.

අවසානයේ ජනාධිපති කොමිෂන් සභාව විසින් සාක්ෂි විමසීම පැය කිහිපයක් කල් තැබූ අතර ඒ සඳහා අවශ්‍ය පරිවර්තක සේවාව ලබා දෙන ලදී.

කෙසේ වෙතත් භාෂා පරිවර්තක විසින් විටින් විට සිදුකළ වැරදි පරිවර්තනයන් පවා සිංහල බසින් නිවැරදි කරමින් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සාක්ෂි ලබා දීම කොමිසමේ අවධානයට යොමු විය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *