රට ණය කරවන අයවැයක් – විපක්ෂය චෝදනා කරයි

0
රට ණය කරවන අයවැයක් - විපක්ෂය චෝදනා කරයි

රට ණය කරවන අයවැයක් - විපක්ෂය චෝදනා කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2021 වර්ෂය සඳහා අයවැය ලේඛනය පිළිබඳව විපක්ෂයේ විවිධ පක්ෂ තම ස්ථාවරයන් ඉදිරිපත් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ නව්‍ය චින්තනයන් ඇතුළත් අයවැය ලේඛනයක් තමන් අපේක්ෂා කළ බවත් එය රටේ සමස්ථ ජනතාවම ණය බරින් මිරිකන අයවැයක් බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ස්ථාවරය ඉදිරිපත් කරමින් එම පක්ෂයේ සාමාජික හර්ෂ ද සිල්වා පවසා සිටියේය.

තවදුරටත් එම පක්ෂයෙන් අදහස් ඉදිරිපත් කරමින්,
ලංකා ඉතිහාසයේ මෙතෙක් සඳහන් නොකළ ආදායමක් පෙන්වා ඇති බවත් ඔවුන්ගේ අදහස්වලටත් අයවැයටත් කිසිදු ගැලපීමක් නැති බවත් මෙය ජනතාව රවට්ටන සුළු අයවැයක් බවත් පවසා සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ඉදිරිපත් කරමින් එම්. ඒ. සුමන්දිරන්,
රජය ඉදිරිපත් කර ඇති අයවැය රජයේ දුර්වලභාවය හෙළි කරයි. රටක් වශයෙන් දැවැන්ත ණය අර්බුදයක සිටින අවස්ථාවක එයින් මිදෙන අයුරින් අයවැය සකස් නොකර ජාත්‍යන්තර ණය අර්බුදයට තව තවත් හසුවන ආකාරයේ අයවැයක් ලෙස මෙය පවතින බවත් දැනට රට පවතින තත්වය මත උඩ රට සංවර්ධනය කිරීමට වඩා ණය බරෙන් මිදීමට සටන් කළ යුතු බවත් පවසා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණෙහි ස්ථාවරය ඉදිරිපත් කළ විජිත හේරත් මෙසේ ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකාව දැවැන්ත ණය උගුලකට තල්ලු කරන අයවැයක් රජය ඉදිරිපත් කර තියෙනවා. මේ වන විටත් රටේ රුපියල් ට්‍රිලියන 13 ක ණයට 2020 සහ 2021 වර්ෂවල තවත් රුපියල් ට්‍රිලියන 5 ක් එකතු වෙලා තියෙනවා. මෙයින් අපේ අනාගතය ණය උගුලේ හිර වෙලා. රට තවත් ණය කරවන අයවැයක් විධියට තමයි මේ අයවැය තියෙන්නේ.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com