කොළඹ වරායේ ඩිජිටල්කරණයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 15ක මූල්‍ය සහයක්
ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ / ප්‍රවෘත්ති සංස්කාරක
ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙල්ලා (Mrs. Laura Dibella) මහත්මිය බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක්…
මෙම සාකච්ඡාව පැවැත්වුණේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී. ෆෙඩරල් නාවික කොමිසමේ කොමසාරිස් රොබට් හාවි (Mr. Robert Harvey) මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ. අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස් මංගල මහතා ද ඊට සහභාගී විය.
1961 වසරේදී ආරම්භ වූ ෆෙඩරල් නාවික කොමිසම, ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සාගර ප්‍රවාහන පද්ධතිය නියාමනය කිරීම සඳහා වගවන ස්වාධීන ආයතනයකි.
ඩිබෙල්ලා මහත්මිය සැප්තැම්බර් මස 09 දා සිට 11 දා දක්වා පැවැත්වෙන 08 වැනි කොළඹ ජාත්‍යන්තර නාවික හා ලොජිස්ටික් සමුළුව ඇමතීමට නියමිත අතර, කොමසාරිස් හාවි මහතා සාකච්ඡා මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඊට සහභාගී වනු ඇත.
සාකච්ඡාවේදී ප්‍රථමයෙන්ම විෂයභාර අමාත්‍යවරයා කොළඹ වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ඩිජිටල්කරණය වේගවත් කිරීම හා ඉදිරි වරාය සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින ආකාරය පැහැදිලි කරනු ලැබුවා.
තවද ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා Merchant Shipping Secretariat ආයතනය වඩාත් බලවත් අධිකාරියක් බවට පත්කිරීමේ ක්‍රියාවලියක් අරඹා ඇති බව ද ප්‍රකාශ කරනු ලැබුවා.
එහි ප්‍රධාන අරමුණ සමුද්‍රීය ක්ෂේත්‍රයට අදාළ තොරතුරු නියාමන කටයුතු සහ ආයතනික කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කිරීම බවයි ප්‍රකාශ වුණේ.
ඩිබෙල්ලා මහත්මිය ප්‍රමඛ නියෝජිත පිරිස අදහස් දක්වමින්, කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකා රජයෙන් ලබා දීමට නියමිත ඩොලර් මිලියන 15 ක මූල්‍ය සහාය ලබා දීමේ කාර්ය සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු අතර, ඉදිරි සති කිහිපය තුළදී කොංග්‍රස් අනුමැතිය ලද විගස එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කළහ.
මේ ක්‍රියාවලියන් හරහා වරාය මෙහෙයුම් වේගවත් කිරීම, නෞකා රැඳී සිටින කාලය අවම කිරීම අපේක්ෂා කරන බව ද ප්‍රකාශ විය.
දෙවන බටහිර පර්යන්තයේ (WCT – 2) සංවර්ධන කටයුතු සඳහා දියකඩන පද්ධතිය පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බැවින්, ඒ සඳහා මූල්‍ය ආයතන වල සහාය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
කොළඹ වරාය ශ්‍රී ලංකාවට පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් වන බැවින්, වරායේ සංවර්ධනය සඳහා අවශ්‍ය උපරිම සහාය ලබා දීමට සූදානම් බවත් නියෝජිත පිරිස සඳහන් කළහ.
මාධ්‍ය ඒකකය
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
