ඊළාම් කියන වචනයේ කිසිදු වැරැද්දක් නැහැ – මහින්ද දේශප්‍රිය

දැන් ඒ මැතිවරණය ඉවරයි; ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණයි - මහින්ද දේශප්‍රිය

දැන් ඒ මැතිවරණය ඉවරයි; ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණයි - මහින්ද දේශප්‍රිය

ඊළාම් යන වචනයේ කිසිදු වැරැද්දක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර ඇත.

පෞද්ගලික රූපවාහිනි වැඩසටහනකදී නිවේදකයා විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

“ශ්‍රී ලංකාව යන්නට සිංහල බසින් විවිධ නම් තියෙනවා. ඒ වගේම ලංකාවට කියන තවත් නමක් තමයි ඊළාම් කියන්නෙත්”

දෙමළ බෙදුම්වාදය සඳහා ඊළාම් යන වචනය භාවිතා කරන බවට මිත්‍යාවක් නිර්මාණය වී ඇති බවත් එය කිසිසේත් යුක්ති සහගත නොවන බවත් එම මතය බිඳ දැමිය යුතු බවත් ඔහු පැවසීය.

ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් පවසන පරිදි, “මම මුලින් ඉන්දියානුවෙක්, තමිළ්නාඩුවට අයත් ඉස්ලාම් ආගම අදහන්නෙක්” ලෙස පැවසීම වරදක් නැහැ.

ඊළාම් කියන වචනයට රටේ තහනමක් නැහැ. එය නීති විරෝධී වචනයක් ලෙස සලකන්නේ කොහොමදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

අපගේ ජාතික ගීයේ දෙමළ පරිවර්තනයේ මෙම වචනය තියෙන බවත් ලංකාවට රත්නදීපය යනුවෙන් පවසන ආකාරයටම ලංකාවට ඊළාම් කියන නමකුත් තියෙන බවත් මෙහිදී පවසා සිටියේය.

එල්ටීටීඊ නායක ප්‍රභාහරන් ඊළමය සඳහා සටන් නොකළ බවත් ඔහු දෙමළ ඊළාම් රාජ්‍යයක් සඳහා සටන් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

තවද සිංහල ජනයා දෙමළ ජනයාටද දෙමළ ජනයා සිංහල ජනයාටද විරුද්ධයි යන මිත්‍යාව දුරුකළ යුතු බව ඔහු අවධාරණය කළේය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *