දින 21ක පිරිත් පිංකමක් නිදහස් චතුරශ්‍රයේ ඇරඹේ

දින 21ක පිරිත් පිංකමක් නිදහස් චතුරශ්‍රයේ ඇරඹේ

දින 21ක පිරිත් පිංකමක් නිදහස් චතුරශ්‍රයේ ඇරඹේ

රට වැසි සැමට සෙත් පතා දින 21ක් පුරා අඛණ්ඩව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන සෙත් පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (18) පස්වරුවේ ආරම්භ කෙරිණ.

ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ආශිර්වාද කිරීම පිරිත් සජ්ජායනය සංවිධාන කිරීමේ අරමුණයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් ඇතිව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව පිංකම සංවිධාන කෙරිණ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රි කල්‍යාණ යෝගාශ්‍රමාධිපති පූජ්‍ය පහලවිටියල ජනානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පිරිත් දේශනාවට රට පුරා විසිර සිටින ආරණ්‍යවාසී මහා සංඝරත්නය 200 නමක් එක්ව සිටිති.

සධාතුක කරඬුව තැන්පත් කිරීම සහ පිරිත් දේශනයට මහා සංඝරත්නයට ආරාධනා කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *