ලෝක උරුම පොලොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට

ලෝක උරුම පොලොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට

ලෝක උරුම පොලොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට

ලෝක උරුම නගරයක් වන පොළොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ අනුව පෞරාණික හා පාරිසරික හිතකාමි සංචාරක කලාපයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබන වසර තුල වෙන් කිරීමට කටයුතු යොදා ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ යටතේ විධිමත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් පොළොන්නරුව මූලික කර ගෙන ඇරඹීමට සංචාරක ප්‍රවර්ධන කාර්යංශය මගින් ලෝක උරුම සංචාරක නගරයක් ලෙස සංචාරකයන් අතර ප්‍රවර්ධනය සදහා විශේෂ වැඩ සටහනක් සැකසීමටත් පියවර ගැනේ.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි (15) පැවති ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවේදි මෙම තීරණයට එළැඹුනි.

ලෝක උරුම පොලොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට
ලෝක උරුම පොලොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, ඇමති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ආර්ථිකය ගොඩනැංවීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාව පැවැත්විණ.

පොළොන්නරුව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සදහා දැනටමත් සංස්කෘතික අමාත්‍යංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල සමග සංචාරක සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර තිබේ.

මීට අමතරව සංචාරක‍ හෝටල් පාසලක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලබන වසර තුල ආරම්භ කිරීමට ද මෙහිදි තීරණය කෙරිණ.

මීට අමතරව පොළොන්නරු දිස්ත්‍රික්කයේ වනජීවි කලාප ආශ්‍රිතව පරිසර හිතකාමි සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් මෙහිදි තීරණය කෙරිණ.

ඒ අනුව පොළොන්නරු දිස්ත්‍රික්කයේ වාරි සංචාරක ව්‍යාප්තිය ප්‍රවර්ධනය කිරීමටත් මාදුරුඔය, සොමාවතී හා වස්ගමුව වන සංරක්ෂිත ආශ්‍රිතව පරිසර හිතකාමි සංචාරක ව්‍යාපෘති ඉදිරියේදි ක්‍රියාත්මක කිරීටමත් අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි කිවේය.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදි කියා සිටියේ දැනට අත්හිටුවා ඇති ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ලබන ජනවාරි මස 01 වෙනිදා සිට නැවත ආරම්භ කරන බවයි. මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය 2010 වසරේදි නතර කර තිබිණි. ඊට අමතරව 2014 වසරේ සිට නතර වී තිබු කාලාත්‍රයාට විශ්‍රාම වැටුප ගෙවීමේ ක්‍රමය යලි ආරම්භ කරන බවද ඇමතිවරයා මෙහිදි කිවේය.

දිස්ත්‍රිකකයේ වී අස්වනු වැඩි කිරීමටද අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඇමතිවරයා මෙහිදි කිවේය. අතිරේක ආහාර බෝග එළවලු පලතුරු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම කෙරෙහි මෙහිදි අවධානය යොමු කෙරිණ.

පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයෙහි කෘෂි ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 700 කි. ලබන වසර තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලිදී ගැනෙීමේ කටයුතු විධිමත් කිරීම කෙරෙහි මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ඇමතිවරයා මෙහිදි සදහන් කලේ ලබන වසර තුල වී මෙට්‍රිරික් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීමට රජය අපෙක්ෂා කරන බවයි. පොහොර සහනාධාර ලබා ගන්නා ගොවියන්ගේ හෙක්ටෙයාරයකින් කිලෝ 1000 ක් මේ යටතේ වී මිලදී ගැනීමට අපෙක්ෂිතයි. වී අලෙවි මණ්ඩලයට මෙම වී අලෙවි නොකරන ගොවීන්ට ඉදිරියේදි පොහොර සහනාධාරය ලබා නොදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා මෙහිදි කිවේය. දිස්ත්‍රික්කයේ වී වගා කිරීමේ පහසුකම් ඉදිරියේදි වැඩි දියුණු කරන බවද ඔහු කිවේය.

ලබන වසරේ සිට පොහොර හා එළවළු දුම්රියෙන් ප්‍රවාහනය කිරීමටද පියවර ගැනෙනු ඇත. ඒ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම ඇමතිවරයා මෙහිදි කිවේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම අවම කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ. ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශයත් වනජීවි අමාත්‍යංශයත් මෙහිදි තීරණය විය.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝෂාන් රණසිංහ, ශෙහාන් සේමසිංහ ඩී.බී. හේරත් මොහාන් ද සිල්වා, විමලවීර දිසානායක, සිරිපාල ගම්ලත් දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි උතුරු මැද ආණ්ඩුකාර මහිපාල හේරත් සියළුම ප්‍රාදේශය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වුහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *