මුලතිව්හි මිනිස් ඇටකටු සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ!

මුලතිව්හි මිනිස් ඇටකටු සොයා ගැනේ!

මුලතිව්හි මිනිස් ඇටකටු සොයා ගැනේ!

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුළම් පොලිස් වසමේ පිහිටි කරිප්පට්ටමුරිප්පු ප්‍රදේශයෙන් මිනිස් ඇටකටු සොයාගෙන තිබේ.
මුලතිව් හි මාන්කුළම් වීදියෙහි නවවන කිලෝමීටර් කණුව, කරිප්පට්ටමුරිප්පු හන්දිය අසල පිහිටි සිවසුප්‍රමණියම් නැමැත්තාගේ කුඹුර පිළිසකර කර එය වී වගාවට සූදානම් කර ඇත.

මෙම ඉඩමෙහි වී වපුරා එහි නියර සැකසීමේදී පස් යට පුපුරණ ද්‍රව්‍ය තිබෙනු දැක මාන්කුළම් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.
පසුගිය තුන්වනදා සිට මේ දක්වා මෙම ස්ථානයේ විමර්ශන කටයුතු සිදු කරමින් පොලිසිය විසින් එහි පුපුරණ ද්‍රව්‍යවලට අමතරව මිනිස් ඇටකටුද තිබෙනු සොයා ගෙන ඇත.

(10)දා මුල්ලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයාද එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කළේය.

-වීරකේසරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *