එක්සත් අරාබි එමිර් රාජ්‍ය පුද්ගල නිදහසට අදාල ඇතැම් ඉස්ලාමීය නීති ලිහිල් කරයි

එන්නත සම්පූර්ණ නම් UAE යන්න PCR නෑ - ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

එන්නත සම්පූර්ණ නම් UAE යන්න PCR නෑ - ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අවිවාහක යුවල් එක්ව වාසය කිරීමට තිබූ තහනම, මත්පැන් පානයට තිබුනු සීමා වැනි ඉස්ලාම් ධර්මය අවධාරණය කරන ඇතැම් නීතින් ලිහිල් කිරීමට පියවර ගන්නා බව එක්සත් එමිර් රාජ්‍ය ප්‍රකාශ කර ඇත.

බටහිර පන්නයේ සංචාරක කේන්‍ද්‍රයක් බවට පත්ව තිබෙන එක්සත් එමිර් රාජ්‍යයට පැමිණෙන විදේශ සංචාරකයන්ට උක්ත නීති නිසා තවදුරටත් අසීරුතා ඇති නොකිරීම මෙහි අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබුණි.

මෙම ප්‍රකාශය රජය නිකුත් කර ඇත්තේ ඊශ්‍රායලය සමග එක්සත් එමිර් රාජ්‍ය සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගිවිසුමට අවතීර්ණ වී පැමිණ සති කිහිපයකට පසුව වීම මෙහි විශේෂත්වයයි. මෙම නීති ලිහිල් කිරීම මගින් යුදෙව් ජාතික සංචාරකයින් මෙන් හා යුදෙව් බිලියනපතියන් ආයෝජකයන් ලෙසින් එක්සත් එමිර් රාජ්‍යට ගෙන්වා ගැනීමට එක්සත් එමිර් රාජ්‍ය අපේක්‍ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම 2020 ඔක්තෝම්බර් මස පවත්වන්නට නියමව තිබුනු හා පසුව වසංගත තත්වය නිසා වසරකින් කල් දමන ලද වර්ල්ඞ් එක්ස්පෝ ප්‍රදර්ශනය අති සාර්ථක කර ගැනීම ද මෙම ආන්දෝලාත්මක තීරණයේ තවත් අරමුණකි. උක්ත ප්‍රදර්ශනයට මිලියන 25ක නරඹන්නන් ලොව නන් දෙසින් ආකර්ශනය කර ගැනීමට එක්සත් එමිර් රාජ්‍ය බලාපොරොත්තු වෙයි.

මෙම ප්‍රකාශය නිසා තමා අතිශය සතුටට පත්ව ඇත යැයි චිත්‍රපට අධ්‍යක්‍ෂක අබ්දල්ලාහ් අල් කබී පවසයි. සමලිංගිකත්වය හා ලිංගික අනන්‍යතාවය පිළිබඳ චිත්‍රපට කිහිපයක් නිර්මාණය කර ඇති අබ්දල්ලාහ් අල් කබී පවසන්නේ 2020 වැනි අභියෝගාත්මක වසරකින් පසු එක්සත් එමිර් රාජ්‍ය ආර්ථික වශයෙන් නගාසිටුවීමට මෙවන් නීති සංශෝධන අවශ්‍ය බවයි.

මත්පැන් පිළිබඳ මෙතෙක් එක්සත් එමිර් රාජ්‍යවල පැවති නීතිය ලිහිල් කිරීම නිසා වයස 22කට වඩා අඩු තරුණ තරුණියන් මෙන්ම මුස්ලිම් ජාතිකයන්ද මත්පැන් පානය මිලදී ගැනීම, පානය කිරීම, සන්තකයේ තබා ගැනීම ආදියට අවසර ලබති. මෙයට පෙර මේ සියල්ලට එරෙහිව දැඩි නීති එක්සත් එමිර් රාජ්‍යයේ පැවතුනි.

අවිවාහක විදේශික සංචාරක ජෝඩු එක්ව එක්සත් එමිර් රාජ්‍යයේ නවාතැන් ගෙන සිටින විට හා එක්ව වාසය කරන විට අදාල බලධාරීන් නොදුටුවාක් මෙන් සිටිය නමුත් එවන් ක්‍රියා එක්සත් එමිර් රාජ්‍යයේ පැවති නීතිවලට අනුව දැඩි දඬුවම් ලැබිය හැකි වරුදි විය.

අරාබි ජාතික කාන්තාවක පවුලට නින්දාව ගෙන දෙන ක්‍රියාවක් කළ විට එම පවුලේ පිරිමින් විසින් ඇයට දඬුවම් පැනවීමේ සිරිතක් එක්සත්
එමිර් රාජ්‍යයේ අරාබි ගෝත්‍රවල තිබුනි. කාරුණික පියෙකුට තම දරුවන් හික්මවා ගැනීමට තිබුනු සදාචාරාත්මක අයිතියකට මෙය සමාන විය.

මෙම නව සංශෝධනයෙන් එම අයිතියද වැඩිහිටි අරාබි පිරිමින්ට අහිමි කර, එසේ ස්ත්‍රීන්ට දඬුවම් පැනවීම කාන්තා නිදහස උල්ලංඝණය කිරීමේ වරදක් බවට පත් කර ඇත. එනම් අරාබි මුස්ලිම් කතක් දුරාචාරයේ නියැලීම, මත්පැන් පානය කිරීම, අවිවාහක ප්‍රේම සබඳතා පැවැත්වීම වැනි දහමට පටහැනි ක්‍රියාවක යෙදීම ආදිය මෙම නීති සංශෝධනයෙන් මතුවට සලකනු ලබන්නේ එවන් වැරදි විදේශික මුස්ලිම් කතක් සිදු කළා වැනි ස්ථාවරයෙන්මය. රටේ පවතින නීතියෙන් මිස අන් කිසිවෙකුට ඒ සඳහා එවන් කතුන්ට දඬුවම් පැනවිය නොහැක. තවත් ලෙසකින් කියනවා නම් දුරාචාරය, මත්පැන් පානය වැනි වරදක් කරන අරාබි මුස්ලිම් කතක් ඒ සඳහා පවුලේ අයගේ විරෝධය ගැන තවදුරටත් බිය විය නැත හා ඇයට නීතියේ රැකරණය ලැබෙනු ඇත.

එක්සත් එමිර් රාජ්‍යය යනු 90% විදේශිකයන් සිටින හා වාසය කරන රටකි. එනම් දේශීය අරාබින් එහි සිටින්නේ 10%ක් වැනි සුළුතර ප්‍රතිශතයකිනි. එවන් තත්වයක රටේ අති බහුතරයකට එනම් 90% කට පමණ හිතුමතේ කටයුතු කිරීමේ නිදහස මෙම නීති නව සංශෝධනය ලබා දී ඇත.

මේ අතර, කාන්තාර සම්ප්‍රදායෙන් යුත් ධර්මිෂඨ අරාබි පරම්පාර හතක් මෙම දේශය ආගමානුකූලව පාලනය කර තිබුනද මෙම ආන්දෝලනාත්මක සංශෝධනවලට සැලකිය යුතු කිසි විරෝධයක් එල්ල වන්නේ නැත යැයි මැදපෙරදිග වෙසෙන විශ්ලේශකයෙකු පෙන්වා දෙයි. එයට ප්‍රධාන හේතුව ලෙසින් ඔහු දක්වන්නේ එක්සත් එමිර් රාජ්‍ය තුළ වත්මනේ පවතින අරාබි සුළුතරයක් වීම බවයි.

ප්‍රසිද්ධියේ සිප වැළඳ ගැනීම, සම ලිංගික හැසිරීම මෙයට පෙර එක්සත් එමිර් රාජ්‍යයේ දඬුවම් ලැබිය හැකි වරුදි ලෙස තිබුනු නමුත් නව සංශෝධනයෙන් පසු මෙවන් හැසිරීම්වල තත්වය ගැන බලධාරීන්ගෙන් නිහඬව කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්ථා කර සිටියේ.

– NEWSNOW

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *