රෝගය පාලනය කරන අතර, රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ අසීරු මග ජනපති එඩිතරව තෝරා ගනි

2022ට ජනාධිපති යටතේ පවතින අමාත්‍යංශයවලට දිනකට කෝටි 116යි ; සෞඛ්‍යට දිනකට කෝටි 42යි

2022ට ජනාධිපති යටතේ පවතින අමාත්‍යංශයවලට දිනකට කෝටි 116යි ; සෞඛ්‍යට දිනකට කෝටි 42යි

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍යවන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දනයට ඔහු තුළ ඇති දැඩි විශ්වාසය පල කලේය.

“කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටලුවක්. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරනවා,”යයි ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය ඊයේ (09) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප තුනක් තිබෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය,” ජනාධිපතිවරයා පැවසීය.

“කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර දෙමින් පළමු අදියරේදීම සුවපත්කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හැකි වී තිබේ. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍යම නොවීය. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකීසිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතුයි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

“කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු විය. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැක. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතුය. දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින් ද දෛනිකව ආසාදිතයන් වාර්තා වේ. ඉන් පෙනීයන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි බවයි.” යනුවෙන් පැවසු ඔහු රට යථා තත්ත්වයට පත් කිරිමෙහි වැදගත්කම පහදුවේය.

“පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළ යුතුය. රැකියා කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. නිරෝධායනය ඇතුළු සමස්ථ ක්‍රියාවලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරුවීමෙන් වැළකීසිටීමට පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්,” ජනාධිපතිවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *