ලංකාව වෙනුවෙන් සහාය රැස්කරන්න අගාර් මුහම්මද් ජිනීවා ගොස් සිටියදී ඥාණසාර හිමි සිටියේ නෝර්වේ වල – කොමිසමේ හරස් ප්‍රශ්න හමුවේ නීතිඥ රුෂ්දි හබීබ්

වෙනුවෙන් සහාය රැස්කරන්න අගාර් මුහම්මද් ජිනීවා ගොස් සිටියදී ඥාණසාර හිමි සිටියේ නෝර්වේ වල - කොමිසමේ හරස් ප්‍රශ්න හමුවේ නීතිඥ රුෂ්දි හබීබ්

වෙනුවෙන් සහාය රැස්කරන්න අගාර් මුහම්මද් ජිනීවා ගොස් සිටියදී ඥාණසාර හිමි සිටියේ නෝර්වේ වල - කොමිසමේ හරස් ප්‍රශ්න හමුවේ නීතිඥ රුෂ්දි හබීබ්

නලීමියා ආයතනයට නොව එහි ඉගෙන ගෙන පිටවූ ඇතැම් අයට පමණක් තමන් චෝදනා කළ බව ඥාණසාර හිමි පවසයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකරන ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන් බොදු බල සේනාවේ ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මුස්ලිම් සංවිධාන 10 ක් සම්බන්ධයෙන් චෝදනාවන් බොහෝමයක් ඉදිරිපත් කර තිබුණි. මෙවැනි තත්වයක් උඩ මෙම මුස්ලිම් සංවිධාන 10ම තම සංවිධානය පිළිබඳ ඥානසාර හිමි සාවද්‍ය තොරතුරු කොමිසම හමුවට ඉදිරිපත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ඥාණසාර හිමියන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් කොමිසමෙන් ලිඛිතව ඉල්ලුම් කර සිටියහ.

ඒ අනුව ඉහත සංවිධානවලට ඥාණසාර හිමියන්ව හරස් ප්‍රශ්න කිරීමට අනුමැතිය කොමිසම විසින් ලබා දෙන ලදී. සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව ඇතුළු සමහර සංවිධාන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවිද් යූසුෆ්, ජමාඅතේ ඉස්ලාමි සංවිධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ එන්.එම්. ශහීද්, ජාමියා නලීමියාව නියෝජනය කරමින් නීතිඥ රුෂ්දි හබීබ් යන අය කොමිසම විසින් නියම කළ දිනයේ කොමිසම ඉදිරියේ පෙනී සිට ඥාණසාර හිමිගෙන් හරස් ප්‍රශ්න කළහ.

පළමු හරස් ප්‍රශ්න වාරය ජාමියා නලීමියාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්දි හබීබ් ආරම්භ කළේය. එහිදී ජාමියා නලීමියාව හොඳ අධ්‍යාපන ආයතනයක් බවත් එය යහපත් අරමුණක් උදෙසා ස්ථාපනය කළ බවත් එහි නිර්මාතෘවරයා යහපත් කෙනෙක් බවත් ඥාණසාර හිමියන් පිළිගත්හ.

තවද ඇමරිකා එක්සත් ජනපදය, නෝර්වේ වැනි රටවල් එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනා කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ එයට විරුද්ධව සහ ශ්‍රී ලංකාවට පක්ෂව ජාත්‍යන්තර රටවල සහයෝගයන් ලබා ගැනීමට ජාමියා නලීමියා හි නියෝජ්‍ය අධ්‍යක්ෂ අෂ්ෂෙයිහ් අගාර් මුහම්මද් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජිනීවා ගොස් ලංකාවට පක්ෂව ප්‍රචාරයන් සිදුකළහ. නමුත් මෙම කාලයේදී ඥාණසාර හිමියන් නෝර්වේ රටෙහි රැදී සිටි බවත් ලංකාවට විරුද්ධව ක්‍රියාකළ බවත් නීතිඥ රුෂ්දි හබීබ් පෙන්වා දුන්නේය.

ඥාණසාර හිමියන් පසුගිය ජූනි මාසයේදී කොමිසම හමුවේ ලබා දුන් තම සාක්ෂිවලදී, නලීමියාවෙහි ඉහ්වාන් මූලධර්මය මූලික කොට ගෙන ඉගැන්වීම් සිදු කරන බවත් එම ඉහ්වාන් මූලධර්මය පිළිපදින්නන් යූසුෆ් කර්ළාවිව පිළිපදින්නන් බවත් තම සාක්ෂිවල පවසා ඇත. ඉහ්වාන් චින්තනය අන්තවාදී මූලධර්මයක් බවත් එය මරාගෙන මැරෙන ප්‍රහාරයන් දිරිමත් කරන බවත් එම හිමියන් චෝදනා කර ඇත. තවද නලීමියාවෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අෂ්ෂෙයිහ් අගාර් මුහම්මද්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අෂ්ෂෙයිහ් එස්.එච්.එම්.ෆලීල් යන අයට විරුද්ධවද චෝදනාවන් ඉදිරිපත් කර ඇත.

මෙවැනි තත්වයක කොමිසම ඉදිරියෙහි මෙම චෝදනාවන්හි නිරවද්‍යතාවයන් පිළිබඳ ඥාණසාර හිමියන්ගෙන් නීතිඥ රුෂ්දි හබීබ් හරස් ප්‍රශ්න කරමින්,

නීතිඥ රුෂ්දි හබීබ් :
නලීමියා අධ්‍යාපන ආයතනය 1981 දී පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ පනතක් යටතේ ස්ථාපනය කළ ආයතනයක් වශයෙන් එය නීත්‍යානුකූල ආයතනයක් බවත් එය ආරම්භ කිරීමට මූලික වූ අය යහපත් අධ්‍යාපන පසුබිමක් ඇති උගත් අය බවත් පිළිගන්නවාද?

ඥාණසාර හිමි :
(මෙම ප්‍රශ්නය ඥාණසාර හිමියන් ප්‍රතික්ෂේප නොකළහ)

නීතිඥ රුෂ්දි හබීබ් :
නලීමියා ආයතනය ස්ථාපනය කළ කාලයේදී එහි අධ්‍යක්ෂ වශයෙන් සිටි මහාචාර්ය ශුක්රි මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ඔබ වහන්සේ දැනුවත්ද?

ඥාණසාර හිමි :
නැහැ

නීතිඥ රුෂ්දි හබීබ් :
මහාචාර්ය ශුක්රි මහතා ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කර එංගලන්තයෙහි පිහිටි එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අධ්‍යයනය සඳහා තෝරා ගනු ලැබූ බව ඔබ වහන්සේ දන්නවාද?

ඥාණසාර හිමි :
නැහැ. මම ඒ බව දන්නෙ නෑ.

නීතිඥ රුෂ්දි හබීබ් :
එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අධ්‍යයනය සඳහා මහාචාර්ය ශුක්රි මහතා තෝරා ගනු ලැබූ පර්යේෂණ මාතෘකාව ගැන ඔබ වහන්සේ දන්නවාද?

ඥාණසාර හිමි :
නැහැ. මම ඒ බව දැනුවත් නෑ.

නීතිඥ රුෂ්දි හබීබ් :
සූෆිසම් පිළිබඳ වූ පර්යේෂණ මාතෘකාවක් යටතේ මහාචාර්ය ශුක්රි මහතා තම පර්යේෂණය සිදුකළ බව මම ඔබ වහන්සේගේ අවධානයට ගෙන ඒමට කැමැත්තෙමි.

ඥාණසාර හිමි :
සූෆිසම් හොඳ මූලධර්මයක්. එම විෂයය යටතේ මහාචාර්ය ශුක්රි මහතා තම පර්යේෂණය සිදුකර තිබුණේ නම් මම එය අගය කරනවා.

නීතිඥ රුෂ්දි හබීබ් :
තවත් වැදගත් දෙයක් පිළිබඳව ඔව වහන්සේගෙන් ඇසිය යුතුයි. 2012 මාර්තු මස 23 වන දින ඇමරිකාවේ අනුග්‍රහයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවට විරුද්ධව ගෙන එනු ලැබූ කෙටුම්පත් යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදු කරන ලදී. මෙයට රටවල් 15 ක් ශ්‍රී ලංකාවට පක්ෂවද, ඇමරිකාව, නෝර්වේ ඇතුළු රටවල් 25 ක් ශ්‍රී ලංකාවට විරුද්ධවද ඡන්දය ප්‍රකාශ කළහ. ලංකාවට පක්ෂව ඡන්දය ලබා දුන් රටවල් 15 න් රටවල් 7ක්ම මුස්ලිම් රටවල්. මේ පිළිබඳව ඔබ වහන්සේ දැනුවත්ද?

ඥාණසාර හිමි :
ඔව්, මම දන්නවා.

නීතිඥ රුෂ්දි හබීබ් :
මෙම කාලයේදී ඔබ වහන්සේ සිටියේ නෝර්වේ රටේ නේද?

ඥාණසාර හිමි :
ඔව්, දවස් 4 ක් නෝර්වේවල තමයි මම හිටියේ.

නීතිඥ රුෂ්දි හබීබ් :
මෙම තත්වයේදී ඔබ වහන්සේ චෝදනා කර ඇති නලීමියා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අෂ්ෂෙයිහ් අගාර් මුහම්මද්, කණ්ඩායමක් සමග ජිනීවා ගොස් අරාබි රටවල නියෝජිතයින් සමග අරාබි බසින් සාකච්ඡාවන් සිදු කොට ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ලබා නොදෙන ලෙසට ප්‍රචාරයන් සිදු කල අතර ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මුස්ලිම් අරාබි රටවල් 7ක සහාය ලංකාවට ලබාදුන් බවත් ඔබ වහන්සේ දන්නවාද? ඇමරිකාවේ මිත්‍ර රටක් වන සවුදි අරාබිය පවා මෙම යෝජනාව සම්බන්ධයෙන් ලංකාවට පක්ෂව තම ඡන්දය ලබා දුන්නා. මුස්ලිම් රටවල් මෙලෙස ශ්‍රී ලංකාවට පක්ෂව තම ඡන්දය ලබා දෙන විට ඇමරිකාව, නෝර්වේ වැනි රටවල් ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ලබා දුන් බව ඔබ වහන්සේ දන්නවාද?

ඥාණසාර හිමි :
ඔව්, ඒක ඇත්ත.

නීතිඥ රුෂ්දි හබීබ් :
ඔබ වහන්සේ නලීමියාව පිළිබඳ ඉදිරිපත් කළ සෑම චෝදනාවක්ම සාවද්‍ය ඒවා බව පිළිගන්නවාද? ඥාණසාර හිමි :
නැහැ, එහෙම නෙවෙයි. මම නලීමියාවට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සියල්ල සාක්ෂි නැති ඒවා නෙවෙයි. නලීමියාවෙන් ඉගෙන ගෙන පිටවූ ඇතැම් අය අන්තවාදීව සිටින බව කියන්න තමයි මම උත්සාහ කළේ. සම්පූර්ණ නලීමියා ආයතනයටම මම දොස් නගන්නෙ නෑ.

තවද නලීමියාවෙහි තවත් ප්‍රධානියෙකු වන අෂ්ෂෙයිහ් ෆලීල්, ශ්‍රී ලංකා ගුවන් විදුලිය මුස්ලිම් සේවයෙහි සිදුකරන දේශනයන් පිළිබඳවද ඥාණසාර හිමියන් මීට පෙර ඉදිරිපත් කළ සාක්ෂිවලදී චෝදනාවන් කර ඇත.

මේ පිළිබඳවද හරස් ප්‍රශ්න නැගූ නීතිඥවරයා, ගුවන් විදුලියෙහි සිදුකල දේශනයන්හි පටිගතකිරීම් සියල්ල නීත්‍යානුකූලව ලබා ගත හැකි බවත් ඒවායෙහි වැරදි ඇත්නම් ඒ පිළිබඳව අදාල සාක්ෂි ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

මේ ආකාරයටම අනෙකුත් මුස්ලිම් ආයතන සහ සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නියෝජිත නීතිඥවරුන් ඥාණසාර හිමියන්ගෙන් හරස් ප්‍රශ්න කර තිබීම මෙහිදී සඳහන් කළ යුතුයි.

– විඩිවෙළ්ළි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *