Type to search

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

Share

A68a යනුවෙන් ලැයිස්තුගත කරනු ලැබ ඇති ලෝකයේ මෙතෙක් වාර්තා වූ ලොකුම මිදුනු හිම කන්ද දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි කුඩා දූපතක් වන ‘දකුණු ජෝර්ජියා’ වෙත පාවී යමින් තිබේ.

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

මෙම අත්ලාන්තික් යෝධ අයිස් කන්ද දකුණු ජෝර්ජියා දූපත තරම් විශාල වූවකැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත. දකුණු ජෝර්ජියා දූපත වනජීවීන්ගේ ක්ෂේමභූමියක් වන අතර A68a අයිස් කන්ද එම දූපත අබියස ස්ථානගත වනු ඇතැයි සැලකෙයි.

දකුණු ජෝර්ජියා මහා බ්‍රිතාන්‍යයට අයත් අත්ලාන්තික් දූපතකි.

හිමයෝධයා එම දූපත ආසන්නයේ දී සිය පාවීයාම නතරකළොත් එය එම දූපත් වෙරළවාසී ‘සීල්’ සත්ත්වයින්ගේ හා ‘පෙන්ගුයින්’ පක්ෂීන්ගේ ජීවිත කෙරෙහි බලපාන භයානක උවදුරක් වනු ඇත.

හිමකන්ද දූපතේ හිරවීමෙන් එය නිවහන කරගත් ජීවීන්ගේ සම්ප්‍රදායික ගොදුරුබිම් අහිමිවීමේ අනතුරක් ඇති අතර,එම ජීවීන්ට සිය පැටවුන් පුරුදු පරිදි විධිමත්ව පෝෂණය කිරීමට නොහැකි වෙයි.

එපමණක් නොව A68a හිම යෝධයා දූපත් වෙරළාසන්නයේ ස්ථානගතවීමත් සමඟ එම මුහුදු පත්ලේ ජීවමාන සියලු ජලජ සම්පත් ඊට යටවී සුණුවිසුනු වෙයි. එම හානිය යළි යථා තත්ත්වයට පත්වීමට ඉතා දීර්ඝ කාලයක් ගතවනු ඇත.

”පරිසර රටාව නැවත පණ ලබන්න පුළුවන්. නමුත් අනතුර වන්නේ මේ අයිස් කන්ද මෙතැන හිර වුණොත් එය අවුරුදු දහයක් විතර තියෙන්න ඉඩකඩ තියෙනව” බ්‍රිතාන්‍ය අත්ලාන්තික් මිණුම් අංශයේ (BAS) නිරත මහාචාර්ය ගැරන්ට් ටර්ලින් පවසයි.

”මේ අයිස් කන්ද බලපාන්නේ දකුණු ජෝර්ජියා දූපතේ පරිසර පද්ධතියට විතරක් නොවෙයි. මේ සිද්ධිය එහි ආර්ථිකයටත් බලපානවා” මහාචාර්යවරයා බීබීසි විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය.

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

ප්‍රධාන භූමියෙන් ඈත පිහිටි ”බ්‍රිතාන්‍යට අයත් භූමිය” (British Overseas Territory) දක්ෂිණ ධ්‍රැව (Antarctica) මහා අයිස්කඳුවල සොහොන්බිමක් යයි පිළිගැනීමක් පවතී.

මෙම යෝධ හිම කන්ද ස්වාභාවික ලෙසම නිර්මාණය වී තිබෙන්නේ දිගුකරන ලද දබර ඇඟිල්ලක් සහිත හස්තයක් හැඩයටය. හිම කන්ද මිහිතලයේ අයිස්වලින් 90%ක්ම තැන්පත් හෙයින් ”ධවල මහාද්වීපය” ලෙස හඳුන්වනු ලබන දක්ෂිණ ධ්‍රැව හිම ස්තරවලින් වෙන්ව ගමන් ආරම්භ කරනු ලැබ තිබෙන්නේ 2017 වසරේ මැද භාගයේ පටන්ය. එය දකුණු ජෝර්ජියාව කරා සම්ප්‍රාප්තවීමට තවත් ඇත්තේ කිලෝමීටර් කීපයක් පමණි.

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

”මේ යෝධ අයිස්කන්ද දූපත අසල නතරවීම එම දූපත්වාසී ජීවීන් වර්ග රාශියකට විශාල බලපෑමක් එල්ල කරනවා. දූපතෙන් ගොදුරු සොයාගනිමින් ජීවත්වෙන සතුන්ට ආහාර සොයා ගැනීමට බොහෝදුර සැරිසරන්න සිද්ධවේවි” මහාචාර්ය ටාර්ලින් පෙන්වා දෙයි.

“මේ කාලය ගත්තොත් මෙය පෙන්ගුයින් සහ සීල් සතුන්ට ඉතාම තීරණාත්මක අවධියක්. සතුන් පැටවුන් වැදීම සඳහා සූදානමින් ඉන්න කාලයක, එසේම එම පැටවුන් පෝෂණය කළ යුතුව ඇති කාලයක ඔවුන්ට ආහාර සඳහා මසුන් සහ කුඩා ඉස්සන් වර්ග සොයාගන්නට වෙනදාට වඩා ලොකු දුරක් යන්න වෙනවා.ආහාර සොයාගෙන එන්නට එවැනි දුරක් යන්නට සිදුවෙන වැඩිහිටි ජීවීන්ට කලට වේලාවට ආපසු එන්න බැරිවුණොත් ඒ අතරමැදි කාලය තුළ බිළිඳු පැටවුන් බඩගින්නේ මැරී යාමේ අවදානමක් තියෙනව” මහාචාර්ය ගැරන්ට් ටාර්ලින් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි අත්දැකීමක් යළිත් සිහිපත් කළොත් , A38 යනුවෙන් නම්කරන ලද මහා හිම කන්ද 2004 වසරේ දකුණු ජෝර්ජියා දූපත අසල ස්ථානගත වූ අතර සංඛ්‍යාවෙන් ගණන් කළ නොහැකි තරම් පෙන්ගුයින් පැටවුන් සහ සීල් පැටවුන් වෙරළ පුරා මැරීගොස් සිටි ආකාරය දක්නට ලැබුණි.

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

බ්‍රිතාන්‍ය අත්ලාන්තික් මිණුම් අංශයේ (BAS)පර්යේෂක මහාචාර්ය ගැරන්ට් ටාර්ලින් දකුණු ජෝර්ජියා දූපත ආසන්නයේ දී A68a හිම කන්ද අධ්‍යයනය කිරීම සඳහා සම්පත් සූදානම් කිරීමට උත්සාහ දරමින් ඊට අදාළ ක්‍රියාවලියක නිරතවෙමින් සිටියි. එම කලාපයේ ධීවර කාර්මිකයන්ගේ මෙන්ම එම අඩවියේ ජීවත්වෙන වනජීවීන්ගේ වැදගත්ම යැපුම් කලාපවලින් එකක් විනාශ වී යාමට ඉඩදිය යුතුද යන්න කෙරෙහි එමගින් අවධානය යොමුකෙරෙනු ඇත.

කෙසේවුවද, හිමකන්ද නිසා ඇතිවෙන බලපෑම බහුවිධ ස්වරූපයක් ගන්නා බවත් මහාචාර්ය ටාර්ලින් පඅවධාරණයෙන් කියා සිටියි. මහාචාර්යවරයා පවසන පරිදි සියලු ප්‍රතිවිපාක අයහපත් ද නැත.

උදාහරණයක් වශයෙන්,හිමකඳු පාවී එන්නේ මහා පරිමාණයේ දූවිලි තොගයක් ද රැගෙනය.එම දූවිලි සාගර පත්ලේ ජලජ කාබනික ක්ෂුද්‍රජීවීන්ගේ පරිසරයෙහි පොහොරක් වශයෙන් තැන්පත් වෙන අතර එම හැඩගැසීම ආහාර චක්‍රයේ උන්නතියට ඉවහල් වනු ඇත.

A68a හිම කන්ද කෙළින්ම දකුණු ජෝර්ජියා දූපත කරා පාවෙමින් තිබෙන ආකාරයක් චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කළත්, ඇතැම්විට දූපතට එම අනතුරෙන් බේරීමට තවමත් ඉඩකඩක් ඇතැයි බ්‍රිතාන්‍ය අත්ලාන්තික් මිණුම් අංශයේ (BAS) විශ්ලේෂකයකු මෙන්ම සිතියම් විශේෂඥයකු වන ආචාර්ය පීටර් ෆ්රෙට්වෙල් පවසයි.

”මහාද්වීපික වෙරළ තීරය අද්දරින් පාවී යාමට පෙර, දියරැළි මගින් එය යළිත් වයඹ දිශාවට යොමු කරමින් හිමකන්ද දකුණු ජෝර්ජියාවේ දකුණු කෙළවර පැත්තේ ආගන්තුක හිඩැසකින් වෙනත් දිශාවකට ඇදී යන්නත් ඉඩකඩ තියෙනව. නමුත් සිද්ධවෙන්නේ කුමක්ද? කියල ස්ථිරවම පැවසීම දුෂ්කරයි” ආචාර්ය පීටර් ෆ්රෙට්වෙල් බීබීසී සමග පැවසීය.

බ්‍රිතාන්‍ය අත්ලාන්තික් මිණුම් අංශයේ (BAS) තවත් විද්‍යාඥයකු වන ආචාර්ය ඇන්ඩෲ ෆ්ලෙමිං අදහස් දක්වමින්, තවත් චන්ද්‍රිකා ඡායාරූප සපයන ලෙස යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් කළේය. විශේෂයෙන් ම එම ආයතනයේ Sentinel-1 රේඩාර් අභ්‍යවකාශ යානා යුගල මගින් ලද ඡායාරූප ඊට ඇතුළත්ය.

එම යානා විදුලිය තරංග දෙකක් අතර පරතරයෙහි (wavelengths) ක්‍රියාත්මක වෙන අතර වලා අතරින් දර්ශනගත කිරීමට එමගින් අවස්ථාව ලැබෙයි. එහි තේරුම ඒවාට කවර වූ හෝ කාලගුණයක් යටතේ හිමකන්දේ හැසිරීම හසුකර ගැනීමට හැකිවීමය.

”A68a හිම කන්ද විශිෂ්ට දර්ශනයක්” ආචාර්ය ෆ්ලෙමිං පවසයි.

”හිම කන්ද තවමත් එක විශාල අයිස් කුට්ටියක් මට්ටමින් පැවතීම ඇත්තෙන්ම අපූරු දෙයක්! හිම පව්වේ දැන් සිදුවෙමින් තියෙන විශාල පිපිරීම් රේඩාර් පින්තූර මගින් පෙන්නුම් කරනවා.එය දැන් කැබැලි බවට බිඳී යාවි කියල මට ලොකු බලාපොරොත්තුවක් තියෙනව” ආචාර්ය ෆ්ලෙමිං සඳහන් කෙළේය.

‘හිම කන්ද දකුණු ජෝර්ජියා දූපත ආසන්නයේ දී භ්‍රමණය වුණොත් උතුරු දිශාවට හැරේවි. එතකොට එය කැඩෙන්න පටන් ගත යුතුයි. ඒ සමඟම එය වහාම උණුසුම් සාගර ජලය සහිත කලාපයට ඇතුල්වෙනවා. එම ක්‍රියාදාමයත් එක්ක විශේෂයෙන් ම මුහුදුරළ පහර සක්‍රීයවීමත් සමඟ හිමකන්දේ නිමාව ආරම්භ වෙනවා”

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

A68a පාවෙන හිම පව්ව දකුණු ජෝර්ජියා දූපතේ ගැටෙයිද? සත්ත්ව ජීවිත අනතුරක් ගැන බිය පළවෙයි

(ජොනතන් අමෝස් – විද්‍යා තොරතුරු භාර BBC වාර්තාකරු සකස් කළ වාර්තාවක් ඇසුරිණි)

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *