Rapid Test එක PCRට ආදේශකයක් නොවේ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

අපි ඉන්නේ බෝම්බයක් උඩ, දිනකට 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු පරීක්ෂණ 10,000ට බස්සලා - GMOA
රටට අළුතින් ගෙන්වීමට යන Rapid Antigen Detection Test (RADT) ක්‍රමවේදය කිසිසේත්ම PCR පරීක්ෂණ ක්‍රියාවලියට ආදේශකයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ පවසයි.
“PCR පරීක්ෂණක් සඳහා රුපියල් 6000 – 8000 අතර මුදලක් වැයවෙනවා. එහි සාම්පලය අරගෙන විශේෂිත පරීක්ෂණාගාරයක් වෙත එවිය යුතුයි. නමුත් RADT පරීක්ෂණක් සඳහා වැයවන්නේ රුපියල් 1000යි. සාම්පලය ගත් ස්ථානයේම පරීක්ෂණය කරන්න පුළුවන්. කෙසේ වෙතත් Rapid Antigen පරීක්ෂණය PCR තරම් නිවැරදි නොවන බව විශේෂඳයන් පෙන්වා දී තිබෙනවා. වෛරස් ප්‍රමාණය අඩු රෝගීන්ගේ RADT ප්‍රතිඵල නෙගටිව් විය හැකියි. ඒ නිසා මේ පරීක්ෂණය අධිඅවදානම් ප්‍රදේශ ගැන යම් අදහසක් ගැනීමට යොදාගත හැකියි. මේ පරීක්ෂණයෙන් නෙගටිව් වුණත් ඒ පුද්ගලයා යළි PCR පරීක්ෂණයක් වෙත යොමුකළ යුතුබව” වෛද්‍ය හරිත අළුත්ගේ කියා සිටී.