හිජාස් හිස්බුල්ලාව නිදහස් කරනු! – එංගලන්ත – වේල්ස්හි මානව හිමිකම් නීතිවේදී සංගමය ඉල්ලා සිටී

හිජාස් හිස්බුල්ලාව නිදහස් කරනු! - එංගලන්ත - වේල්ස්හි මානව හිමිකම් නීතිවේදී සංගමය ඉල්ලා සිටී

හිජාස් හිස්බුල්ලාව නිදහස් කරනු! - එංගලන්ත - වේල්ස්හි මානව හිමිකම් නීතිවේදී සංගමය ඉල්ලා සිටී

මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව වහාම නිදහස් කිරීම තුළින් නීතිගරුක පාලනයක් සහ ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන බවට තහවුරු කළ යුතුයි. එමෙන්ම, ලංකාවේ නීතිඥයින් කිසිඳු භියකින් තොරව තම වෘත්තීය පවත්වාගෙන යෑම සඳහා නිදහස තහවුරු කළ යුතු බව එංගලන්තයේ සහ වේල්ස්හි මානව හිමිකම් නීතිවේදී සංවිධානය ඉල්ලා සිටී.

මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධව එම සංවිධානය නිකුත් කර ඇති නිවේදනයෙහි තව දුරටත් සඳහන් කර ඇත්තේ :-

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්ධන පනතට යටත්ව අත්අඩංගුවට ගෙන දිගටම රඳවා තබා ගෙන සිටින මානව හිමිකම් නීතිඥ හිස්බුල්ලා මහතා පිළිබඳ පළ වන පුවත් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තෙමු.

හිජාස් හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකාවෙහි සුළු ජාතී මුස්ලිම් සමාජයට අයිති කෙනෙකු බව අප දනිමු. ඔහු ආණ්ඩු පාර්ශවයට විරුද්ධ නොයෙකුත් නඩුවලට පෙනී සිටි අතර මුස්ලිම්වරුන්ගේ උරුමයන් වෙනුවෙන් ද කටයුතු කර තිබේ. ඔහු ප්‍රගතිශීලී හා ප්‍රතිසංස්කරණවාදී අදහස්වලින් යුක්ත අයෙකි.

හිජාස් හිස්බුල්ලා මහතාව පසුගිය අප්‍රේල් මස 14 වන දින ත්‍රස්ත මර්ධන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන, ජනාධිපති නියෝගය මත රඳවා තබා ගෙන ඇති අතරම ඔහුව අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතු කිසිවක් ඔහුගේ පවුලේ අයට පැහැදිලි කර දී නොමැත. මෙම තත්ත්වය මත මාස 6කට වඩා අධික කාලයක් කිසිඳු විමර්ශනයකින් තොරව, අධිකරණයට ඉදිරිපත් නොකර, නිසි නීත්‍යානුකූල නීති උපදෙස් ලැබීමට ද අනුමැතිය නොදී ඔහුව රඳවා තබා ගෙන සිටී.

ඔහුව රඳවා තබා ගැනීමට හේතු වූ කරුණු පසුගිය ඔක්තෝබර් 14 වන දින නැවත අළුතින් ඉදිරිපත් කළ අතර පසුගිය මස 28 වන දින අධිකරණ විනිසුරුවරයා විසින් විභාගයට ගැනීමට නියමිතව තිබූ ඔහුගේ නඩුව, කොරෝනා වසංගතය හේතු කොට ගෙන එළඹෙන 2021 වර්ෂයේ පෙබරවාරි මාසය තෙක් කල්දමා ඇත.

මෙම තත්ත්වය මත රඳවා තබා ගෙන සිටින හිජාස් හිස්බුල්ලා මහතාව වහාම නිදහස් කළ යුතු බවට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නෙමු.
ඒ තුළින් නීතිගරුක ආණ්ඩුවක් ලෙසට ජාත්‍යන්තර නීතිවලට යටහත්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇති නීතිඥයින් සියළුම දෙනා තම වෘත්තියෙහි කිසිඳු භියකින් තොරව නියැළීමට අවශ්‍ය පරිසරයක් සකස් කර දිය යුතු ලෙසද ඉල්ලා සිටිමු.

හිජාස් හිස්බුල්ලාව නිදහස් කරනු! - එංගලන්ත - වේල්ස්හි මානව හිමිකම් නීතිවේදී සංගමය
හිජාස් හිස්බුල්ලාව නිදහස් කරනු! – එංගලන්ත – වේල්ස්හි මානව හිමිකම් නීතිවේදී සංගමය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *