ජාතික රෝහලට ලැබුණු PCR යන්ත්‍රයක් හරවා යවන්න සන්නාමය හේතුවක් වෙලා ..

ජාතික රෝහලට ලබා දෙන ලද පී. සී. ආර්. යන්ත්‍රයක් හරවා යවන්න සන්නාමය හේතුවේ

ජාතික රෝහලට ගේට්වේ ජාත්‍යන්තර පාසල විසින් ලබා දෙන ලද පීසීආර් යන්ත්‍රයක් සන්නාම නාමය හේතුවෙන් හරවා යවා ඇති බවත් එම රෝහලේ කොවිඞ් පරීක්ෂණ රසායනාගාරය ස්ථාපිත කිරීම ප්‍රමාද වෙමින් පවතින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය චෝදනා කරයි.

එම පර්ෂදයේ සභාපති රවී කුමුදේශ් රාවයට පැවසුවේ ජාතික රෝහලෙන් ප්‍රතික්ෂේප කළ එම පීසීආර් යන්ත්‍රය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ රසායනාගාරයේ ස්ථාපිත කර දින කීපයක් තුළ පරීක්ෂණ ද පටන්ගෙන ඇති බවය. එයින් එහි කිසිදු දෝෂයක් නැති බව සනාථ වන බවත් ඔහු පැවසුවේය.

ජාතික රෝහලෙන් වාර්තා වූ ඇතැම් මරණ කොවිඞ් ආසදිත බවට වාර්තා වූයේ මිය ගිය පසු බවත් ඊට ප්‍රධානම හේතුවක් වන්නේ කොළඹ ජාතික රෝහලේ කොවිඞ් රසායනාගාරයක් නොමැති වීම බව ද වෙනත් සංකූලතා උපරිම තත්ත්වයේ රෝගීන් ජාතික රෝහලට වාර්තා වූ විට ඉතා ඉක්මනින් කොවිඞ් ආසාදිත අයෙක් දැයි හඳුනාගැනීමට හැකි ක්‍රමවේදයක් එහි නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය. මෙවැනි වැරදි සිදුකළ අය සම්බන්ධයෙන් පියවර ගන්නවා වෙනුවට ඒවා හෙළිදරවු කරන පුද්ගලයන්ට විරුද්ධව විනය පරීක්ෂණ ගැනීමේ උත්සායක සෞඛ්‍ය අමාත්‍යාංශය සිටින බවත් ඔහු සඳහන් කළේය.

මෙම ගැටලු සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් ද යොමු කර තිබුණි.

-ravaya

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *