මිලියන 08ක PCR යන්ත්‍රයක්, ජ’පුර රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගියෙකු රෝහලට පරිත්‍යාග කරයි

සාක්කු පුරවන්න බැරිව අංක එකේ PCR යන්ත්‍රය ගුවන්තොටේ තනිවෙලා

සාක්කු පුරවන්න බැරිව අංක එකේ PCR යන්ත්‍රය ගුවන්තොටේ තනිවෙලා

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු එම රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කළ බව රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ ප්‍රකාශ කර සිටිනවා.

පරිත්‍යාග කෙරුණු PCR යන්ත්‍රය හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 08 කට ආසන්න බවයි වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ සඳහන් කර සිටියේ.

මෙම PCR යන්ත්‍රය මඟින් මේ වනවිට දිනකට දෙවරක් PCR පරීක්ෂණ සිදුකරන බවත් මේ අනුව දිනකට පරීක්ෂණ 200කට ආසන්න සංඛ්‍යාවක් සිදුකළ හැකි බවත් මේ අනුව එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගත් බවත් පැවසූ අධ්‍යක්ෂවරයා දැන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බාහිර අංශයට ගොස් ඕනෑම අයෙකුට පීසීආර් පරීක්ෂණයක් කරවා ගැනීමට හැකියාව ඇතැයි ද සඳහන් කර සිටියා.

කොවිඞ් ආසාදිතයෙකු නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක හරහා ද එසේ නොවන්නේ නම් පැය 48කට පසු පස්වරු 3.00 සිට 4.00 දක්වා රෝහලේ විමසීම් කවුළුවෙන් ද වාර්තාව ලබා ගතහැකි බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

– newswire

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *