බොරුවට නිරෝධායනය වෙන්න හැදූ පිරිසක් අතේ මාට්ටු

''බඩුමල්ල ගන්න බොරුවට නිරෝධායනය වෙන්න හැදූ පිරිසක් අතේ මාට්ටු''

''බඩුමල්ල ගන්න බොරුවට නිරෝධායනය වෙන්න හැදූ පිරිසක් අතේ මාට්ටු''

නිරෝධායනය වන පුද්ගලයන් සඳහා රජයෙන් දෙන බඩු මල්ල ගැනීමට බොරුවට නිරෝධායනය වීමට උත්සාහ දැරූ පිරිසක් හඳුනාගෙන ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවැසුවාය. එලෙස වංචනික උත්සාහයක් දැරූ තිදෙනකු සම්බන්ධයෙන් දැනටමත් වාර්තා ලැබී තිබෙන බව ද ඇය සඳහන් කළාය.

තමන් පෑලියගොඩ මාළු වෙළෙඳසලට ගිය බවට හා මාළු වෙළඳාමට ගිය මාළු වෙළෙඳුන්ගෙන් මාළු මිලදී ගත් බවට යනාදී වශයෙන් බොරුවට තොරතුරු දැනුම් දෙමින් ඒ පිරිස වංචනික අයුරින් මෙලෙස නිරෝධායනය වීමට උත්සාහ දරා ඇතැයි කී පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය මෙවැනි වංචනික කටයුතු කොරෝනා මර්දන වැඩපිළිවෙළට බාධාවක් යැයි පැවැසුවාය.

මේ අයුරින් බොරුවට නිරෝධායනය වීමට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳව පොලිසියට නොපමාව දැනුම් දීමට පියවර ගන්නා බව ද ඇය ප්‍රකාශ කළාය. රජයෙන් දෙන බඩු මල්ල ගැනීම සඳහා බොරුවට නිරෝධායනය වීමට උත්සාහ දරන පිරිස් හඳුනා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවය හා යුද හමුදා බුද්ධි අංශය ද විමර්ශනයක් අරඹා ඇත.

නිරෝධායනය වන සෑම පවුලක් සඳහාම රුපියල් දසදහසක බඩු මල්ලක් ලබාදීමට රජය තීරණය කළේ ඉකුත් සතියේදීය. රජය පවුල් රැසකට එම බඩු මල්ල දැනටමත් ලබා දී ඇත.

– සුජිත් හේවාජුලිගේ –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *