Type to search

නිරෝධායනය අවසන් කර තම නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවේ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

නිරෝධායනය අවසන් කර තම නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහ මග තිබී හමුවී ඇති බව පුත්තලම පොලීසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ පුත්තලම සේවා මාවත පදිංචිව සිටි 55 හැවිරිදි ධර්මලිංගම් වසන්දන් නම් අයෙක්. ඔහු හෙට්ටිපොල ප්‍රදේශයේ ආපන ශාලාවක සේවය කරමින් සිට ඇති අතර එම හෝටලයට පැමිණි අයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමෙන් පසු අනතුරුව එහි සේවය කළ සියළුම දෙනා නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

පසුගිය 04 වැනිදා ඔහු තම නිරෝධායනය අවසන් කර නිවස බලා පැමිණීමට පිටත්ව විත් තිබෙනවා. නමුත් ඔහු නිවස වෙත පැමිණ නැති බව‍යි පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත්තේ. එමෙන්ම ඔහු සම්බන්ධයෙන් සිදු කර ඇති අවසන් පී.සී.ආර්.පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හෙතෙම කොරෝනා ආසාධිතයෙකු නොවන බවයි.

රෝධායනය අවසන් කර තම නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවේ

රෝධායනය අවසන් කර තම නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවේ

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *