ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්, වාර්තාව ජනාධිපතිවරයා වෙත ..

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන් කර තිඛෙනවා. ඒ අනුව කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොමිසම මගින් සාක්ෂි විභාග කිරීම මෙම වසරේ ජනවාරි මස 16 වන දා ආරම්භ කළා. කොමිසමේ කාලය ලබන මස 9 වන දා අවසන් වීමට නියමිතයි. නොවැම්බර් 9 වන දා හෝ ඊට පෙර දිනකදී අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

කොමිසම වෙත පැමිණිලි 1842ක් ලැබී තිබූ අතර ඉන් 112ක් කොමිසම විසින් විභාග කර අවසන් කර තිඛෙනවා. එම පැමිණිලිවලින් 872ක් දේශපාලන පළි ගැනීම් පරීක්ෂා කරන අමාත්‍ය කමිටුව වෙත යොමු කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *