තවත් බැකෝ යන්ත්‍රයක් අත්අඩංගුවට – කඩොලාන කපා ඉස්සන් පොකුණු හදලා

තවත් බැකෝ යන්ත්‍රයක් අත්අඩංගුවට - කඩොලාන කපා ඉස්සන් පොකුණු හදලා

තවත් බැකෝ යන්ත්‍රයක් අත්අඩංගුවට - කඩොලාන කපා ඉස්සන් පොකුණු හදලා

හලාවත අඹකඳවිල ප්‍රදේශයේ කඩොලාන වන රක්ෂිතයට හානි කිරීමට කිසියම් පිරිසක් පියවර ගෙන ඇති බව වයඹ හඬ පරිසර සංවිධානය සංවිධානයේ සභාපති පූජ්‍ය විල්පොත පේමානන්ද හිමියෝ පවසති. උන්වහන්සේ ඇතුළු කීප දෙනකු පෙරේදා 02 පස්වරුවේ මේ ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර එහිදී තමනට මේ තත්වයන් සියැසින් දැකගැනීමට ලැබුණු බවද පූජ්‍ය විල්පොත පේමානන්ද හිමියන් මේ පිළිබඳ අප කළ විමසීමේදී වැඩි දුරටත් පැවැසූහ.

හලාවත අඹකඳවිල ප්‍රදේශයේ හෙක්ටයාර් 40ක ප්‍රදේශයක කඩොලාන රක්ෂිතයක් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් අතර මේ විනාශය සිදුව ඇත්තේ එම ප්‍රදේශයේ බව තහවුරු කර ගෙන තිබෙන බව හලාවත බිට්ටු වන නිලධාරී සම්පත් සිරිකුමාර මහතා පැවසීය. මේ ප්‍රදේශයේ කඩොලාන කපා දැමීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු හා බැකෝ යන්ත්‍රයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මේ විනාශය සිදු කිරීම සම්බන්ධයෙන් වනසංරක්ෂණ නිලධාරීන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කියා සිටියේ තමන් සිදුකළේ වරදක් බව දන්නා බවයි. මේ ප්‍රදේශයේ මීට පෙර තමන්ගේ පියා විසින් සිදු කළ ඉස්සන් පොකුණු තිබුණු බව කියා සිටි සැකකරු වසර ගණනාවක් ඒවා අත්හැර දමා තිබූ බව පැවැසීය. නැවත ඉස්සන් වගාව සඳහා අවසර ඉල්ලා සිටියත් ඊට අවසර නොලැබුණු බවද සැකකරු වැඩිදුරටත් පැවැසීය.

පසුගිය කාලයේ මේ ප්‍රදේශයේ කඩොලාන විනාශ කිරීම ඉහළ ගොස් ඇති බව පැවසූ වයඹ හඬ පරිසර සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකාරක අජිත් ගිහාන් මේ පිළිබඳ රජයේ අවධානය මීට වඩා යොමු විය යුතු බවද පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *