දේශීයව නිපැයූ වෛරස් නාශක මුහුණු ආවරණයක්

දේශීයව නිපැයූ වෛරස් නාශක මුහුණු ආවරණයක්

දේශීයව නිපැයූ වෛරස් නාශක මුහුණු ආවරණයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු කණ්ඩායමක් විසින්, මෙරට ප්‍රථම වරට නිපදවූ වෛරස නාශක මයික්‍රෝ හා නැනෝ අංශුවලින් සමන්විත මුහුණු ආවරණයක් පෙරේදා(02) දින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කරන ලද බව වෙළෙඳ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර කියා සිටියි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ, මුහුණු ආවරණය වෛරස නාශක පෙරණයකින් සමන්විත වීමයි. මුහුණු ආවරණය පෙරණයන් තුනකින් සමන්විත වේ.

මෙය සේදුම් වාර 20ක් දක්වා භාවිත කළ හැකි අතර මාසයක කාලයක් සේදීමකින් තොරව භාවිත කළ හැකි වීමත් මෙහි තවත් විශේෂත්වයක් වේ.

මෙම මුහුණු ආවරණය මගින් වෛරස අංශු ශරීරගත වීමට ඉඩ නොතබා වෛරසය විනාශ කිරීමට හැකියාව ඇත.

තව ද මුහුණු ආවරණ නිපදවීම සඳහා භාවිත කරන රෙදි වර්ග සඳහා ද, සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම්වල කොලරය, අත් දෙකෙහි මැණික් කටුව ආශ්‍රිත ආවරණ සඳහා ද මෙම තාක්ෂණය යොදාගත හැකි බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී ඇත.

මෙම නිෂ්පාදනය දේශීය මෙන් ම විදේශීය වෙළෙඳ පොළට අපනයනය කිරීම දක්වා වැඩිදියුණු කළ යුතු ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කොට ඇත.

මෙම අවස්ථාවට පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා සහ එහි සාමාජිකයන් වන වෛද්‍ය චමින්ද හේරත්, ගයාන් තිලකරත්න සහ රුවන් නානායක්කාර යන මහත්වරු ද දේශීය ඇඟලුම් සංසදයේ සභාපති හේමන්ත කුමාර මහතා ද සහභාගී වී සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *